IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී

(රංජිත් රාජපක්ෂ)               

මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත.

බස් රථ දෙකම මහනුවර බස් නැවතුම්පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර, ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදි හමු වීමත් සමග  එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් ලබා දී ඇත.

වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් වෙත දැනුම් දීමෙන් පසු රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (4)

රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී

Rifan Sunday, 07 September 2025 10:47 AM

මෙම වීඩියෝව ලබාගෙන අදාල පාර්ශවයට යොමු කල ඒ තැනැත්තාට අපගේ ආචාරය

:       0       9

Ekanayake Sunday, 07 September 2025 08:30 PM

නියමයි... මහජනතාව මොවුන්ව අල්ලා ගැනීමට පොලිසියට සහාය දිය යුතුයි.

:       0       27

thilak Sunday, 07 September 2025 09:37 PM

මෙහෙම බස් එලවන රිලව් ගැන හොයන්ට පහුගියදා පොලිසිය සිවිල් ඇඳුමෙන් බස් වල ගියා. ඒකට විරුද්ධ වුනේ බස් ගැමුණු.

:       0       7

Hasith Monday, 08 September 2025 03:29 PM

මේවා පාරෙ යන මිනිස්සු වීඩියෝ කරලා දානකන් පොලිසිය පාරේ බෝක්කු යට රිංගන් මොනවා කරනවාද? රටේ ප්‍රධාන පාරවල් වල බහුල සිදුවීම් මේවා.. හැබැයි පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ ඉතා කාලාතුරකින්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17379 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site