( කුෂාන් ජයවර්ධන)
රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් එම පිරිස අතර සිටි කාන්තාවන් 05 දෙනා හා පිරිමි පුද්ගලයින් 04 දෙනා කඩුවෙල බෝමෙරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද අත්අඩංගුවට පත්ව ඇති ඔවුන්ට මඟ පෙන්වූ බව කියන හිමිනම මුරියාකඩවල ප්‍රෙද්ශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන බවද වනජීවී නිලධාරිහු සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.
සැකකාර හිමි නම විසින් මීට පෙරද මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට සංචාරකයින් රැගෙන යාමට උත්සහකළ අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර මුදා හැර තිබියදී එම උපදෙස් නොතකා තවදුරටත් මෙලෙස සංචාරකයින් හා දැ හැදුනුම්කම ඇති අය මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට ඇතුළු කිරීමටකටයුතු කර තිබූ බව වනජීවී නිලධාරීහු පවසති.
දැඩි සංවේදී පරිසර කලාපයක් වන රිටිගල දැඩි ස්වභාව රක්ෂීතය සාමාන්‍ය ජනතාවට ඇතුළුම නීතියෙන් තහනම් කර ඇති ප්‍රදේශයකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රිටිගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වු 10ක් අල්ලයි
බකල ජයා Sunday, 07 September 2025 02:41 PM
හාමුදුරුවන්ට ඇතුලට යන්න දෙන්න. එළියට එන්න දෙන්න එපා. ප්‍රශ්නේ ඉවරයි...
වනජීවී Sunday, 07 September 2025 09:43 PM
සාමාන්‍ය මිනිස්සුන්ට රක්ෂිතවලට යන්න එන්න දුන්නම අපි කොහොමද අපේ ජාවාරම් නිදැල්ලේ කරගන්නේ.