
(විමුක්ති එස් රුද්‍රිගු)
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ "පල්මියෙරි විලා" ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත.
ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රීමර් රියල් ස්ටේට් වෙත "පල්මියෙරි විලා" විකිණීමේ වගකීම පැවරී තිබේ.
ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨතම නිර්මාණයක් ලෙසද සැලකෙන අතර පල්මියෙරි සංචාරක නිවහන මිලදී ගන්නෙකුට බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයෙන් කොටසකට උරුමකම් කීමට හැකියාව ලැබෙනු ඇත.
වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍ය රජ කිරුල හෙබවූවත් ඉතාලියේ සුන්දරත්වය සහ සන්සුන්භාවයට බෙහෙවින් ඇලුම් කර ඇති අතර 1888 වසරේදී ප්‍රථම වරට ඇය පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබේ. පල්මියෙරි සංචාරක නිවහනේ වටපිටාවට වික්ටෝරියා රැජිනගේ සිත් ඇද බැඳ තබා ගැනීමට හැකිවීම හේතුවෙන් එම අවස්ථාවේදී ඇය මාසයක නිවාඩු එහි ගත කර ඇත.
ඇය නැවත වරක් 1893 සහ 1894 වසර වලදීද නිවාඩුවක් ගත කිරීම සඳහා පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබිණි. සිය රාජකීය වගකීම් වලින් මොහොතකට මිදී උතුරු ඉතාලියේ ස්වභාව සෞන්දර්ය අත් විඳීම පල්මියෙරි සංචාරක නිවහන කදිම අවස්ථාවක් ලබාදී ඇතැයිද පැවැසෙයි.
වික්ටෝරියා රැජින පල්මියෙරි සංචාරක නිවහනේ නවාතැන් ගැනීම සැමරීම සඳහා එහි ගෙවත්තේ තිබෙන ගස්වල නාම පුවරු එල්ලා ඇති අතර ඒවා අදටත් දැකගත හැක.
පල්මියෙරි සංචාරක නිවහන වික්ටෝරියා රැජිනගේ නිවසින් පිට නිවහන වී ඇති බවත් ඇයගේ නිවසේ තිබු පහසුකම් සියල්ල පල්මියෙරි සංචාරක නිවහනේද තිබී ඇති බවත් පැවැසෙයි. පල්මියෙරි සංචාරක නිවහනේ පළමු මහලේ වික්ටෝරියා රැජිනගේ පුද්ගලික මහල් නිවාසය පිහිටා ඇත. එම මහල් නිවාසය වින්ඩ්සර් මාළිගය විසින් සරසා ඇති අතර එහි තිබූ ගෘහ භාණ්ඩ සියල්ල, නාන කාමර උපාංග සහ ඇඳ වික්ටෝරියා රැජින විසින් එංගලන්තයේ සිව ඒවා ඇති බවද පැවැසෙයි.





2025 නොවැම්බර් මස 21
191
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
254
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1147
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
Asela Wednesday, 18 September 2024 06:29 AM
ඔන්න අපේ මයිනා මහත්තයටයි පවුලේ කට්ටියටයි රට පනින්න ගිහින් මාලිගාවක් අරන් නතරවෙන්න හොඳම අවස්ථාව , කැමති නං ලොකු අප්පචි සිලින්ඩර් මුත්තා වත් ගෙන්න ගන්න ,මොකද ඔය විසා නඩුව ඉදිරියේදී අසනවිට මුත්තා ඡන්දෙට සල්ලි හොයාගත්ත හැටි අනාවරණය වෙයි
pakeer Wednesday, 18 September 2024 09:22 AM
මම මහින්ද රාජපක්ෂ වුණා නම් මම මේ මාලිගාව අරගෙන ඉතාලියට වෙලා ඉන්නවා ආයෙත් ලංකාවට එන්නේ නැතුව
සේනාධීර Wednesday, 18 September 2024 12:53 PM
හොරා කාපු දේපල. මේවා ගැන හොයලා ආණ්ඩුවට පවරාගන්න ඕන. බ්‍රිතාන්‍යයේ ඉන්නෙත් වහල්ලුද?
ගමෙ එකාලා Wednesday, 18 September 2024 01:14 PM
සුනාමි හොරාගේ කාලේ වුණා නම් ෂුවර් එකටම ගන්නවා...
don Wednesday, 18 September 2024 07:49 PM
ලංකාවේ ජනතා මුදල් හොරාකාපු දේශපාලකයෙකුට හෝ ඉහළ රජයේ නිලධාරියෙකුට මෙය කදිම අවස්ථාවක්... ඩොලර් මිලියන 55ක් කියන්නේ පොඩි ගාණක්නේ...!
sam Thursday, 19 September 2024 10:37 AM
බලාගෙන ඉමු මහ මයිනා හොරා කාපු සල්ලි වලින් වෙන කවුරු හරි දම්මෝවලා මේ මාලිගාවත් ගන්ඩ පුළුවන්... දන්නවානේ මුලු පවුලම එකතු වෙලා හොරා කෑවා