
(කේ. බුද්ධික කුමාරසිරි)
සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සදහා අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර ප්‍රදේශයට පැමිණි 18 හැවිරිදි තරුණයකු පැහැරගත් පුද්ගලයන් සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.
දියතලාව කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පැහැර ගැනීමට ලක් වූ 18 හැවිරිදි තරුණයා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් සදහා වූ සම්මුඛ පරීක්ෂණක් සඳහා කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අධිවේගී මාර්ගය හරහා පැමිණ තිබුණි.
ඉන් අනතුරුව මාකුඹුර සිට තම හිතවතකු පදිංචි නුගේගොඩ ප්‍රදේශයට යාම සදහා ත්‍රී රෝද රථයකට ගොඩ වී ඇති අතර එලෙස ත්‍රී රෝද රථයෙහි ගමන් කරන අතරතුර ත්‍රී රෝද රථ රියදුරුගේ මිතුරකු බව කියන අයෙකු ගොඩ වී ඇති බවද පොලිසිය පවසයි.
එලෙස තවත් මද දුරක් ගමන් කිරීමේදී තවත් මිතුරන් බව කියන පුද්ගලයන් දෙදෙනකු ත්‍රී රෝද රථයට ගොඩ වී එම රථයෙහි සිටි 18 හැවිරිදි තරුණයා පැහැර ගැනීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස පැහැර ගෙන යන අතරතුර පොලිස් මාර්ග බාධකයක් දැක ඇති තරුණයා කෑ ගැසීම නිසාවෙන් එම මාර්ග බාධකයේ සිටි පොලිස් නිළධාරීන් පැමිණ තරුණයා බේරා ගැනීමට කටයුතු කළ ද පැහැර ගැනීමට කටයුතු කළ පිරිස එම අවස්ථාවේදී පලා ගොස් තිබූ බවද පොලිසිය පවසයි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා හෝමගම මූලස්ථාන පොලිසිය වෙත භාරදී එහි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් මහතා විසින් විමර්ෂණ කටයුතු ආරම්භ කර දිනක් තුළ දී සියලු සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැකියාවකට ආ තරුණයකු පැහැර ගෙන යන්න හදලා
Nipuna Wednesday, 24 December 2025 09:19 AM
ත්‍රී රෝද රථ නියාමනයට තියෙන නීති හොඳටම ප්‍රමාණවත් මදි. මේක සමාජ ව්‍යසනයක්
පිස්සු යකෙක් Wednesday, 24 December 2025 10:21 AM
මේ රටෙන් ත්‍රීරෝද සම්පූර්ණයෙන් අතුගාදැමිය යුතු බව දිනපතා රටේම මේ හා බැදුණු අපරාධ නිසා පෙනීමට තියෙනවා .කිසිම රජයකට කොන්දක් නෑ ඒකට. මේ ත්‍රීරෝද උප සංස්කෘතිය රටට කරන විනාශය තව ටික කලෙකින් පෙනේවි