(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කර රාජ්‍ය සේවයේ කොටසකට පමණක් සේවයට පැමිණීමේ සහ පිටවීමේ සහනයක් ලබාදීමට විරෝධය දක්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
රාජ්‍ය පරිපාලන අංශයේ කොළඹ දිස්ත්‍රිකයෙන් පිටත සිට දුම්රිය මාසික සහ ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍රවලින් සේවයට පැමිණෙන සේවකයන්ට රාජකාරියට පැමිණෙන වේලාව විනාඩි 30 කින් පසු පසට ද, සේවය අවසන් කරන වේලාව විනාඩි 15 කින් ඉදිරියට ද, ගැනීමට අවසර හිමිවන බවත් ස්වදේශ කටයුතු අංශය තුළ දැනටමත් ඒ සඳහා සහනයක් හිමිවන බවත් රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් නිකුත් කළ ලිපියකින් අනාවරණය වන බව ද ඒ මහතා කීය.
මෙම සහනය රාජ්‍ය සහ පෞද්ගලික යන සියලුම අංශවලට ලැබිය යුතු බව ද කසුන් චාමර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
කසුන්ලාගේ පක්ෂයේ නායක ලප උන්නැහේ අයවැය විවාදයේදි කියලා තිබුනා රාජ්‍ය සේවයේ හැකිලීමක් අවශ්‍ය වෙනවා කියලා. ඒක දැක්කෙ නැද්ද? එහෙනම් අනෙක් පක්ෂ ඔක්කොමත් එහෙමම තමයි චාමර.
මම එන්නේ කොළඹ - නුවර උදේ කෝච්චියේ. ඉස්සර ලැබුණු second class ටිකට් එක කිසිම නැමිල්ලක් නැතිව හොඳ පිරිසිදුවට තිබුණ. නමුත් මෑතක් ඉඳල රුපියල් 500 ට නිකුත් කරන ටිකට් එක දෙකට නැමිලා ,පොඩිවෙලා . ඒ කොහොමද? අපි දුම්රිය ගාස්තු රුපියල් 500 ටිකට් එකෙන් ,රජයට යා යුතු මුදල , දුම්රිය සේවකයින් හොරා කනවද ?? මම කියන්නේ සාක්ෂි ඇතිව !!! මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් ඕනේ !!