IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු කල් නොදමන්නැයි ඉල්ලීමක්

(දසුන් රාජපක්ෂ)
 
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු  ජනවාරි 1 වැනිදා සිට කල් නොදමා ක්‍රියාත්මක කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලියු.එච්. පියදාස මහතා අද (13) ප්‍රකාශ කළේය.
 
ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වාර්ෂික ස්ථාන මාරු කල්දැමීමට රජය තීරණය කර ඇති බවට දැනගැනීමට ලැබුණු බැවින් අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම කරන බවද  පියදාස මහතා පැවසීය.
 
 රාජ්‍ය යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රියාවලියට ස්ථාන මාරු ලබන රාජ්‍ය නිලධාරීන් නිසා බලපෑමක් සිදුනොවන බව ද පියදාස මහතා සඳහන් කළේය.
 
ස්ථාන මාරු ලබන නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය ගැන අත්දැකීම් ඇති තැනැත්තන් බැවින් ස්ථාන මාරුවීම් හිමිවුවද ඔවුන්ට ස්ථාන මාරුව ලැබුණු ප්‍රදේශයේ සිට මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
ස්ථාන මාරු මණ්ඩල සහ අභියාචන මණ්ඩල කැඳවා අදාළ ස්ථාන මාරු තීරණ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දෙන ලෙසද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු කල් නොදමන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site