(ගයාන් සූරිය ආරච්චි)
එරගම ප්‍රදේශයේ නිවසකදී වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව එරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එරගම, වට්ටුචේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සහ 40 සහ 42 වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
අම්පාර මහේස්ත්‍රාත් උසාවියේ පවතින නඩුවකට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එරගම, වට්ටුචේන ප්‍රදේශයේ නිවසකට ගිය අව්ස්ථාවේදී එහි සිටි වරෙන්තු කරුගේ පියා ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට නිවසට ඇතුළු වීමට ඉඩ නොදී තිබූ බව පොලිසිය කියයි. අනතුරුව ඔවුන් සැකකරුට පලායෑමට ඉඩදී ඉඩමේ ගේට්ටුව ද වසා දමා පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රාජකාරියට බාධා කළ ප්‍රා.ස මන්ත්‍රී ඇතුළු තිදෙනකු අත්අඩංගුවට
Perera Monday, 07 July 2025 11:58 AM
මිනිහගේ පක්ෂයත් දාන්න මහජන දැනුම පිණිස...
අරවින්ද මොණරවිල Monday, 07 July 2025 01:02 PM
ජාතික ජනබලවේගයේ මන්ත්‍රී වරයෙක් නොවෙයි නිසැකවම, එහෙම නම් නම ගම විතරක් නොවෙයි ෆොටෝ එකත් වැටෙනවා. මේ අලි සජබ පොහොට්ටු හොර හවුලේ සාමාජිකයෙක්...!
Malaka Monday, 07 July 2025 03:50 PM
මොණරවිල ඔයාට හොදට පිස්සු... බෙහෙත් ගන්න