ඉන්දීය මහ මැතිවරණයේ සය වැනි අදියර ආරම්භ වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ සෙද්ශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්‍රස්’ පක්ෂයේ හිටපු නායිකා සෝනියා ගාන්ධි සහ ඇගේ පුතු රාහුල් ගාන්ධි ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පසු රාහුල් ඒ බව නිවේදනය කරමින් මව සෝනියා සමඟ ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය. මෙම ඡායාරූපය බොහෝ දෙනාගේ කතාබහට ලක් විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් සමාජ මාධ්‍ය හරහා පළ වුණු එම ඡායාරූපය විවේචනය කිරීමට පටන් ගත්තේ, එම ඡායාරූපයේ ජේසු තුමන්ගේ සිතුවමක් ඇති නමුත් හින්දු වැසියන්ගේ ගෞරවාදයට පාත්‍ර වුණු කිසිදු හින්දු දෙවියකුගේ සිතුවම් කිසිවක් නොමැති බවත් පෙන්වා දෙමිනි.
කෙසේ නමුත්, කරුණු කාරණා ආනවරණය වෙද්දී, පෙනී ගියේ රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි සිටින එම ඡායාරූපයේ පසුපස ඇත්තේ ජේසු තුමන්ගේ පින්තූරයක් නොව, ‘මැඩෝනා ඔරිෆ්ලැම්මා’ Madonna Oriflamma යන නමින් නම් කෙරුණු, රුසියන් චිත්‍ර ශිල්පී නිකොලස් රෝරිච් 1932 දී සිතුවම් කළ සුප්‍රසිද්ධ සිතුවමේ අනුරුවක් බවය. මෙම සිතුවමින් නිරූපණය කරන්නේ සාමයයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාහුල් සෝනියා ඡන්දය දාලා