IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රෝහල් වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක වැඩකටයුතු අඩාල වීම නිසා බාහිර රෝගී අංශයට සහ සායනවලින් ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව වැඩි අපහසුතාවට පත්වූහ.

ගම්පහ,මහනුවර ඇතුළු දිවයිනෝ සෑම රෝහලම පාහේ පෙරවරු කාලයේ පැවැති මෙම වර්ජනය නිසා රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

බොහෝ ප්‍රදේශවල කොරෝනා එන්නත්කරණ කටයුතුවලට ද මෙම වර්ජනය බාධාවක්ව පැවැති අතර එන්නත් කරගැනීමට ආ පිරිසදැඩි අවුවේ සහ ඇතැම් ප්‍රදේශවල වැස්සට තෙමෙමින්  පැය පහක් පමණ කාලය පෝලිම්වල රැදී සිටියහ.

කොළඹ ජාතික රෝහලේ බෙහෙත් නිකුත් කිරීමේ කවුළු වසා තැබීම නිසා සායනවලින් බෙහෙත් නිර්දේශ කිරීමෙන් පසුව රෝගීන් දැඩි පහසුතාවට පත්ව සිටියහ.

වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩල රැසක් මෙම වර්ජනයට එකතු වී සිටියි.

(ඡායාරූපය: තිලකරත්න දිසානායක)

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(අතුල බණ්ඩාර)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.


(නවරත්න සමරතුංග)

අම්පාර මහ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.



අදහස් (8)

රෝහල් වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

chandawimala himi Friday, 11 June 2021 02:36 PM

සෞඛ්‍ය සේවාව හැම සේවකයාටම වඩා ඉහළින් අපි කවුරුත් අගයනවා. ඒත් මේවා නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. අමන වැඩ. මේ තරමටම රටේ ප්‍රශ්නයක් තියෙන වෙලාවේ මීට වඩි බුද්ධිමත්ව තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳගන්න ඕනෑ කාලයක් මේක..

:       48       104

ganegoda Friday, 11 June 2021 02:57 PM

අර අත්‍යාවශ්‍ය සේවාවන් කියලා මොරදීගෙන ගැසට් කෙරුවේ මෙව්වා නේද? ඉතින් කොහොමද වර්ජනය කරන්නේ..?

:       3       43

Prase Friday, 11 June 2021 03:31 PM

මෙයාලා සේරම ගෙදර යවලා අලුතින් කට්ටිය බඳවා ගන්න ක්‍රමයක් හැදුවා නම් හොඳයි..!!! 

:       57       117

uk Friday, 11 June 2021 09:27 PM

මේ වගේ කාලකණ්ණි රටක ඉන්නකම් රට කවදාවත් දියුණු කරන්න බැහැ. ලෝකේ කොහේවත් රටක මේවා වෙන්නේ නැහැ. අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන මේ අයට හෙණ ගහන්න ඕනෑ..

:       19       22

මොනරත් Friday, 11 June 2021 10:33 PM

දොස්තරලාට දීමනා වැඩි කළ බවට බොරු කියා ජනතාවට එකාවන්ව සේවය කරමින් සිටි සුවවිරුවන්ව වර්ජනයට යොමුකළ බංකොලොත් දේශපාලනේ හඳුනා ගනිමු...

:       18       27

Shan Friday, 11 June 2021 11:53 PM

මේ උදාහරණයම ඇති නේද ලංකාවේ මිනිස්සු රටට කොච්චර ආදරෙයිද කියලා. එකෙක් මරලා හරි සල්ලි තමයි ඕනෑ... මෙහෙම මිනිස්සු ඉන්න රටක් කොහෙටද යන්නේ..?

:       0       8

Prabha Saturday, 12 June 2021 03:37 AM

අයිතිවාසිකම් මිස යුතුකම් නොදන්නා... කල දුටු කල වල ඉහගන්න මෙවන් ජාතියක් මේ ලොවේ තවත් ඇද්ද?

:       0       5

sam Saturday, 12 June 2021 05:55 AM

සෞඛ්‍ය සේවකයෝ හැමදෙනාටම එක වගේ සැලකිය යුතුයි. ඒ හැමෝම මේ වෙලාවේ ලොකු කැපකිරීමක්... එක කණ්ඩායමකට වැඩි සැලකිළි කරන්න ගියාම වෙන ගැටළු නේද? දොස්තර මහත්වරු රෝහලක පැය කීයද රැඳිලා ඉන්නේ... අනෙක් සේවකයෝ නේද රෝහලේ දිගටම අඛණ්ඩව සේවය කරනුයේ..!! 

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site