IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝහල් වැඩ කොට උඩ

(අජන්ත කුමාර අගලකඩ)

වයස අවුරුදු 60 සම්පූර්ණ කළ වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ මස අග දී එකවර විශ්‍රාම යාමත්,ඖෂධ හිඟය සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීමත් යන කාරණා මත,රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

වෛද්‍යවරුන්ට සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු 60 කට සීමා කිරීම හේතුවෙන්,විශේෂඥ වෛද්යවරුන් දෙසීයක පමණ පිරිසක් ද,සාමාන්‍ය වෛද්‍යවරුන් දෙසිය පමණ පිරිසක් ද,රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 250ක පමණ පිරිසක් සහ දන්ත වෛද්‍යවරුන් 50 ක පමණ පිරිසක් ද,මේ මස 30 වැනි දා විශ්‍රාම යාමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

ප්‍රාදේශීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක පමණ පිරිසක් සේවය කරන අතර , ඔවුන්ගෙන් තුන්සිය පනස් දෙනකු පමණ මේ මස 30 වැනිදා විශ්‍රාම යාම හේතුවෙන්,එම රෝහල් පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි එම රෝහල්වල වෛද්‍යවරු සඳහන් කරති.

වෛද්‍යවරුන්ට සේවය කළ හැකි වයස් සීමාව,අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබූ අතර,රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත ,පසුව එම චක්‍රලේඛය අවලංගු කළේය

නව චක්‍රලේඛය අවලංගු කර,අවුරුදු 63 දක්වා වැඩි කිරීමේ චක්‍රලේඛය නැවත බලගන්වන්නැයි ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ,දන්ත වෛද්‍යවරුන් හා රජයේ ලියාපදිංචි පියවරුන් පිරිසක් අධිකරණයට ගොස් ඇති අතර,එයමේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතී.8

මේ අතර ,සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1400 දෙනෙකුට පමණ ඉකුත් අප්‍රේල් මාසයේ දී පශ්චාත් සීමාවාසික පත්වීම් පිරිනැමු අතර , වෛද්‍යවරුන් 300 දෙනකු පමණ පත්වීම් ලිපි ලබා ගෙන නැති බව ද දැනගන්නට ඇත.

එසේ පත්වීම බාර නොගත් වැඩි පිරිසක් විදේශගත වී ඇතැයිද දැනගන්නට තිබේ. මේ අතර,රටපුරා රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින අතර, දැඩි පීඩාවට පත්ව සිටිති . ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන්,,ඔහු හරිම වෙනස් හදින් සැත්කම් පවා නතර කර ඇතැයි රෝගීහු පවසති. වෛද්‍යවරුන්ගේ හිඟය සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන්,සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,වෛද්‍යවරුන්ගේ හිඟයත් , අත්‍යවශ ඖෂධ හිඟයක් රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බවය.

 



අදහස් (5)

රෝහල් වැඩ කොට උඩ

C.K.Lankaputhra Sunday, 25 June 2023 07:03 AM

එංගලන්තයටත්, ඇමරිකාවටත් වඩා ලොකු කටක් තියන ජනාධිපති උතුමෙක් ඉන්න රටේ මෙහෙම වෙන්නේ කොහොමද? මේවා කාගේ හරි බොරු වෙන්න ඇති...

:       0       0

Samitha Senaka Aluthgamage. Sunday, 25 June 2023 08:12 AM

මේ රටේ වෛද්‍යවරයෙකු බිහිවීම සඳහා මොනතරම් ඉහළ ජනතා බදු මුදලක් රටෙන් වැයවෙනවාද කියා නුවණින් කල්පනා කර බලන්නේ කීයෙන් කී දෙනාද ? ඒ ලෙස සිතන සුළු පිරිසගෙන් වෛද්‍යවරුන් පරිණත වූ පසු ඔවුන්ගේ විශිෂ්ඨතම නුවණින් හා හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හිතන්නේ කීයෙන් කී දෙනාද ? ඇතැම් දෙනා වෛද්‍ය වරුන්ගේ අඩුපාඩු වැරදි අල්ලාගෙන ජීවිත ගොඩදාන ඔවුන්ව සුළුකොට සලකනවා.ඔවුන් හට වෙනත් රටවල මෙන් ඇගයීමක් කොට ඔවුන්ගෙන් උපරිම වැඩ ගැනීමයි කළයුතු වන්නේ.ඒත් මේ රටේ උඩඟු උද්ධච්ච ඇතැම් දේශපාලකයන් තීන්දු ගන්නේ ඔවුන් පිනට පහලවූ සක්විති රජවරුන් යැයි සිතාගෙන වගෙයි පේන්නේ.රටේ උත්තරීතර යැයි පැවසෙන තැන හොරුන් වංචා කාරයන් අරක්ගෙන සිටිනවා.රට පාලනය කිරීමේ දැනුම මෙවන් අයට තිබේද ? නැත. එසේ නම්,මේ ලෙස වෛද්‍යවරුන්ගේ ගැටලුව විසඳීම නොකොට මියයන ජනතාව වෙනුවෙන් මිනී පෙට්ටි සාප්පු වැඩියෙන් පටන්ගත යුතුව ඇත.මෙය අපහට නිසියාකාරව දැනෙනුයේ අපට හෝ අපේ සමීපතම කෙනාට විපතක් සිදුවූ පසුවය.එතෙක් අප මේ ගැටළුවේ දී අන්ධය. සත්‍යය එයයි.

:       0       0

සෞභාග්‍යයෙන් රට පෙරට Sunday, 25 June 2023 08:23 AM

දැන් ඔය චක්‍රලේඛය ඉස්සරහට දාගෙන විගඩමක් කරනවා මට හිතන්නේ මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන ප්‍රතිපත්තියක් නැතිවේමේ ප්‍රතිඵලයක් තමයි සාමාන්‍යයෙන් වෙදවිදුහල් සදහා උසස් පෙළ සිසුන් ඇතුළත් කරනවිට ගිවිසුමක් අත්සන් කර ඇතුළත් කලොත් බොහෝවිට මෙහෙම නොවෙන්න පුළුවන් ඇත්තටම නිදහස් අධ්‍යාපනය දීලා කෝටි ප්‍රකෝටි ගණනක් ජනතා මුදල් ඒ වෙනුවෙන් යොදවා ලබන ප්‍රයෝජනයක් රටට නැත්නම් නිදහස් අධ්‍යාපනය දීමෙන් වැඩක් තිබේද ඊළඟට විශේෂ පුහුණුව සදහා නිවාඩු දෙනවා ජනතා මුදලින් වියදම් දෙනවා ජනතාවට සේවයක් නැහැ එනිසා ඊළඟ වතාවේ සිටවත් වෙදවිදුහල් වලට උසස් පෙළ සමත් සිසුන් ගැනීමේදී රටේ සේවය කරනවා කියලා ගිවිසුමක් අඅත්සන් කරන්න කටයුතු කිරීම අනිවාර්ය කරන්න ඕන මෙහෙම වියදම් කරන මුදලින් විදේශීය දක්ෂ වෙදවරු ගෙන්වා ගැනීමට හැකියාව තියෙනවා කියලා හිතෙනවා මේවා ගැන කෝප් කෝපා කමිටු හෝ පාර්ලිමේන්තුවේ කිසිවෙක් කතාවක් නැහැ මෙනිසා නොපමාව මේ සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න ඕන

:       0       0

කිරිපුතා Sunday, 25 June 2023 09:29 AM

අලුතෙන් වෛද්‍යවරුන්ටට විශේෂ පුහුණු ලබාදීම , වෛද්‍ය විද්‍යාල වලට වැඩිපුර ළමයින් බඳවා ගැනීම කළ හැකි දේවල්. මේ හැම එකක්ම දැනට ඉන්න අය වලක්වගෙනයි තියෙන්නෙ . එයාලගෙ වටිනාකම වැඩිකරගෙන රටතුළ අසාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වෙන්න. ලෝකෙ කොහෙවත් එහෙම නෑ. එයාලා කරන්නෙත් රැකියාවක්. උතුම් ගුණධර්ම ඇතිව කරනව නම් දේවත්වයෙන් සැලකිලි ලබන රැකියාවක් .

:       0       0

Thilak dubai Sunday, 25 June 2023 12:26 PM

ඒකට කමක් නෑ, ජනතාවට මෙහෙ වෛද්‍යවරු නැත්තං mount elisabath යන්න පුළුවන්නේ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site