IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රෝහල් ගත කළ දරුවා වෙනුවට මියගිය දරුවකු මාරු කරලා?

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ටෝනි කරුණනායක )

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිසේරියන් සැත්කමකින් උපත ලබා පසුව ගම්පහ රෝහල වෙත මාරු කර ඒවා එම රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 22ක් වයස පිරිමිදරුවා තමන්ගේ නොවන බව එම සිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ දී අද (9) පරීක්ෂාකර බැලූ අඹුසැමි යුවළක් දැනුම් දුන් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.

ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා රෝහල් මෘත ශරීරාගාරයට ඊයේ පැමිණ ළදරු මළ සිරුර පරීක්ෂාකර බලා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

අඹුසැමි යුවළ මෙම ළදරු මළ සිරුර පරීක්ෂා කර බලනු ලැබුවේ මෙම අවස්ථාවේදීය.

මියගොස් සිටින්නේ තමා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බිහි කළ දරුවා නොවන බව මව පැවසීමෙන් පසු මළ සිරුරඩී. එන්. ඒ. පරීක්ෂාවකට ලක්කර මෙම ළදරුවාගේ සැබෑ මවුපියන් කවුරුන්ද යන්න තහවුරු ගැනීමට කටයුතු කරගෙන යන බව පොලීසිය කියයි.

මෙම කාන්තාවගේ සැමියා ද සිරුර පරීක්ෂාකර බලා එය තමාගේ බිරිඳ බිහි කළ දරුවා නො වන බව පැවසීයැයි පොලිසිය සඳහන් කරයි.

සිරුර ඩී.එන්ඒ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගයක් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටුවකට දරු ප්‍රසූතියක් සඳහා පසුගිය මැයි මස 29 වෙනිදාඇතුලත්වී සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කළ බවත්පොලිසිය පවසයි.

 



අදහස් (15)

රෝහල් ගත කළ දරුවා වෙනුවට මියගිය දරුවකු මාරු කරලා?

Nimal Monday, 10 July 2023 07:26 AM

සෞඛ්‍ය සේවය පණ අදිමින් සිට්න්නේ...!

:       4       37

lankaputa Monday, 10 July 2023 09:15 AM

ළදරු මරණයක් දැකීමේ කණගාටුදායක පුවතක්. අම්මාට දින කිහිපයක මුහුණක් තිබූ අතර ළදරුවෙකුගේ සජීවී හා මිය ගිය සිරුර සංසන්දනය කිරීම ප්‍රායෝගිකව අපහසුය. මෙය ඉක්මනින් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

:       5       35

Bamunuarachchi Monday, 10 July 2023 10:14 AM

මෙය හිතාමතා කල මාරු කිරීමක්.

:       12       22

හුණු වටය Monday, 10 July 2023 11:13 AM

එහෙම වුනත් කිසිම දවසක මෙහෙම දේවල් සදහා දඩුවමක් දුන්නා කියලා අහල නැහැ ඇත්තටම මේ වනවිට මියගිය දරුවාගේ සත්‍ය දෙමාපියන් මෙම කටයුත්ත සදහා රෝහල් සේවකයින් සදහා යමක් කරන්න ඇති කියලා හිතෙනවා සමහර විට ඔතන සිටින දෙමාපියන් වංචා කරනවාද කියලා බලන්නත් ඕන

:       5       18

Gag Monday, 10 July 2023 11:03 AM

අම්මෝ... මේ නම් මහා කාලකන්නි ජාතියක්, මේක සත්‍ය නම්. කොහොම ගෙදර ගිහින් නිදියනවාද දන්නෑ... මෙහෙම සල්ලි හම්බ කරලා.

:       4       26

Hemantha Monday, 10 July 2023 01:01 PM

දරුවා හිතාමතා මාරුකරලා නම් හෝ, නොදැන මාරු වී ඇත්නම්, එය විශාල වරදකි. එහෙත් තවම තීරණයක් දී නැහැ. ඒක නිසා කමෙන්ට් දාන්න ඉක්මන් වෙන්න එපා. මගේ අදහසක් තියෙනවා, ඒත් මෙතන කියන්න කැමැති නැහැ. හරියටම කාරණය නොදැන...

:       2       24

ජගත් ලියනගේ Tuesday, 11 July 2023 10:01 AM

ඔබ හරි . මටත් එහෙම අදහසක් තියනවා . මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය හරියට කෙරෙයි කියා බලාපොරොත්තු වෙනවා .

:       0       1

Bunny Preena Monday, 10 July 2023 02:09 PM

මේක පුදුම ලෝකයක් ?

:       0       9

anton Tuesday, 11 July 2023 08:36 AM

මේක පුදුම ලෝකයක් නොවේ .. පුදුම රටක් ,හැමතැනම නෑ

:       0       0

ජගත් ලියනගේ Monday, 10 July 2023 07:26 PM

ශ්‍රී ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ නොමේරු ළදරු ඒකකයෙන්..., එම දරුවා මාරු කරේ ඇයි කියන එක ලොකු ගැටළුවක්...

:       1       7

රන්ජිත් ලාල් Monday, 10 July 2023 11:50 PM

මනෝවිද්‍යාඥයින් පවසන පරිදි දෙමාපියන්ගේ මේ ප්‍රතිචාරය denial අවදියයි. එනම් විශාල කම්පනයකදී, උදාහරණක් ලෙස මේ මරණයේදි, ඒ තම පුතා නොවන බව විශ්වාස කිරීම, නොදැනුවත්වම තමුන් තමන්ටම බොරුවක් පැවසීමයි. දින කිහිපයකින් ඔය තත්වය මඟ හැරේවි.

:       0       2

don Tuesday, 11 July 2023 03:20 AM

මාරු කිරීමක්ද කළහැකි අවස්තාවක් නිසා හරියටම ප්‍රශ්නය විසඳෙන තෙක් අපද බලා සිටින්නෙමු

:       0       0

kam Tuesday, 11 July 2023 07:12 AM

හරියටම පරීක්ෂණයක් නොකර නිගමනය කරන්න අමාරුයි. ඩීඑන්ඒ පරීක්ෂණය සියල්ල විසඳාවි. දරුවකු මිය යාමෙන් ඇති වන දුක, වේදනාව නිසාත් මෙහෙම ප්‍රකාශ සිදුවූ අවස්ථා තිබෙනවා. සත්‍යය අනාවරණය වීමෙන් පසුව එයද ප්‍රසිද්ධ කිරීම මාධ්‍යයේ වගකීමක්.

:       0       2

Nalaka Tuesday, 11 July 2023 08:16 AM

DNA පරීක්ෂණයක් කරන්න, එය පරීක්ෂා කිරීම සරලයි

:       0       3

Shantha Tuesday, 11 July 2023 01:13 PM

අවුරුදු 70ක් තිස්සේ අතින්අත මාරු වෙමින් තිබූ ජාතියක් ලෙස වෙන යමක් බලාපොරොත්තු විය නොහැක... ලංකාවේ කොහේවත් මැරිච්ච හරි, හොඳ හරි මාරු කරන්න පූළුවන් බබාලා කොහෙද ඉන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 43 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 522 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 169 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 406 1

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 202 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 1046 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 8 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site