IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


රෝහල්වාට්ටුවේ ඝාතනයට දෙකක් සැකපිට

(බී.ජී. චතුරංග)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කපා කොටා ඝාතනයට ලක්වූ පුද්ගලයාට, ඊට දින දෙකකට පෙර පහරදී තුවාල සිදු කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි,

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි.

මෙම සැකකරු සහ සැකකාරිය ඉකුත් 26 වන දා වැනි දා, අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් මරණකරුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, එම පහරදීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී සිදුවූ මෙම  ඝාතනයටද මෙම සැකකරු සහ සැකකාරිය සම්බන්ධ වී ඇත්දැයි දැන ගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කරන බව ද පොලීසිය සඳහන් කළේය .

මැදවච්චිය මන්නාරම් පාර ප්‍රදේශයේ දී පුද්ගලයන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ජේ.ඩබ්ලිව්. රුවන් ගීත් විජිත යන අය බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ, මහාචාර්ය එකකයෙ පිහිටි 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් පසුගිය 28 වැනි දා අලුයම 4:30 ට පමණ එම වාට්ටුවට ඇතුළු පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා එම රෝගියා ඝාතනය කර පලා ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

රෝහල්වාට්ටුවේ ඝාතනයට දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site