
(ප්‍රසාද් රුක්මල් )
වැලිමඩ රහංගල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇති හෙයින් බොරලන්ද රහංගල,හීන්නාරංගොල්ල ග්‍රාම සේවා වසම් වලට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) පැවසීය .
මෙම කන්දේ විශාල කොටසක් දැනටමත් ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ඇතම් ස්ථානවල පස්කදු ගල්පර්වත කඩා වැටීමට පටන්ගෙන ඇති බවත් පවසයි .
ඉදිරි දිනවල පතිත වීමට නියමිත ව ඇති ධාරානිපාත වර්ශාවත් සමඟ මෙම කන්ද නායයාමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
මෙම නායයාමේ අවදානම ඇති රහංගල කන්ද ට මායිම්ව වගා බිම් අක්කර 80ක පමණ කොටසක් ඇති බවත් ඊට කිලෝමීටර් බාගයක පමණ පහලින් බොරලන්ද , හීන්නාරංගොල්ල ,රහංගල ග්‍රාම සේවා වසම් වල ජනාවාස නිවාස රැසක් පිහිටා ඇති නිසාවෙන් අනතුරු දායක තත්වයක් උදා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේය .
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් ලවා මෙම අනතුරුදායක රහංගල කන්ද පරීක්ෂා කර එම වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


2025 නොවැම්බර් මස 21
304
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
333
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රහංගල කන්ද නාය අවදානමක
C.K.Lankaputhra Wednesday, 03 December 2025 01:26 PM
එතකොට සෑර් පෙරහැර ගිහිල්ලා තියෙයි වත්ද? ඒකනේ සමහර මහත්තුරු ඔය කියන්නේ, අපි කිව්වා, ගනන් ගත්තේ නැහැ කියලා...
සිල්වා Wednesday, 03 December 2025 01:57 PM
මුලින්ම කලයුත්තේ මහජනයා ඉවත්කර ගැනීම යි.