(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රුසියානු මුදල් අමාත්‍යංශය සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සහභාගී වී ඇති අතර එහිදී විශේෂයෙන්ම මෙම අසීරු අවස්ථාවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එවැනි ණය මාර්ගයක වැදගත්කම අවධාරණය කර ඇත.එම ණය මාර්ගය ලබා ගන්නා ක්‍රියාවලිය සහ ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.
රුසියානු මුදල් නියෝජ්‍ය අමාත්‍ය මැක්සිමොව් ටිමුර්, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙවාන් ජගර්යාන් ඇතුළු මුදල් අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීහු කිහිපදෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රුසියා තෙල් ණයට ගන්න සාකච්ඡා සාර්ථකයි