IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුසියා තානාපති ලංකාවට ආයුබෝවන් කියයි

(අංජුල මහික වීරරත්න)

සේවා කාලය අවසන් කර නික්ම යන  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි  මහතා ( Yury Materiy) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු විය.

ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගියත්, දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය.

යූරි මටේරි මහතා සිය ධුර කාලයේදී  ශ්‍රී  ලංකාවට ලබා දුන් සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ මටේරි මහතා වෙත සිය කෘතඥතාව පළ කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය.

ආර්ථික අර්බුදය ජය ගෙන ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව  මටේරි මහතා මෙහිදී පැවසීය.



අදහස් (0)

රුසියා තානාපති ලංකාවට ආයුබෝවන් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site