IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රුසියා කුලී හේවායනට ඇමෙරිකාව සහාය දීලා?

රුසියාවේ ප්‍රධාන කුලී හේවා කණ්ඩායමක් වන වැග්නර් ක්‍රියාත්මක කළ කැරැල්ලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානය සම්බන්ධ බව රුසියාව සහ ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

සී.අයි.ඒ සංවිධානය වැග්නර් කණඩායම සමඟ සබඳතා ගොඩනගා ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කිරීම සඳහා වැග්නර් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක මුදලක් සී.අයි.ඒ සංවිධානය ලබා දී ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් ආධාර ගිණුම්ගත කිරීමේදී සිදු ව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක ගිණුම්කරන දෝෂයේ මුදල් වැග්නර් කණ්ඩායමට ලබා දී ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් චෝදනා කර ඇත.

කෙසේ නමුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබුනේ රුසියාව චෝදනා කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක ගිණුම්කරණ දෝෂය සැබැවින්ම දෝෂයක් නොවන බවත් යුක්රේනය ලබා දුන් යුද උපකරණ නැවත ලබා ගැනීමේදී ඇමෙරිකාවට අමතර ඩොලර් බිලියන 6 ක මුදලක් වැය වන බවත්ය.

පසුගියදා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වැග්නර් කඳවුරකට පහරදුන් බව චෝදනා කරමින් වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් කැරැල්ලක් ආරම්භ කළ අතර එම අවස්ථාවේ රුසියානු නගරයක් අල්ලා ගත් අතර හමුදා මධ්‍යස්ථානයක් පාලනයද අතට ගත්තේය.අනතුරුව වැග්නර් හමුදා කණ්ඩායමක් පාගමනේ මොස්කව් දෙසට පැමිණි අතර බෙලරුසියානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් කැරැල්ල අතරමග නවතා දැමිණි.

වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් එරෙහිව රුසියානු ආරක්ෂක අංශ ගොනු කර ඇති අපරාධ චෝදනා ඉවත්කරගෙන නොමැති අතර එම චෝදනාවලට වැරදිකරු වුවහොත් අවුරුදු 12 - 20 ත් අතර කාලයක සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවද පැවැසෙයි.

මේ අවස්ථාව වන විට වැග්නර් කණ්ඩායම අල්ලා ගත් නගරයෙන් සොල්දාදුවන් ඉවත් වෙමින් සිටී. එසේම වැග්නර් සොල්දාදුවන් රණවිරුවන් බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය හෝ වෙනත් ආරක්ෂක සමාගමක ලියාපදිංචි වීමට ඔවුන්ට අවස්ථාව තිබෙන බවත් ජනාධිපති පුටින් පවසා තිබේ.

කෙසේ නමුත් තමන් ජනාධිපති පුටින් පාලනය පෙරළා දැමීමට උත්සාහ නොකළ බවත් හුදෙක් එය විරෝධතාවය ප්‍රකාශ කිරීමක් පමණක් බවත් වැග්නර් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ වැග්නර් කණ්ඩායම ක්‍රියාත්මක  කළ කැරැල්ලට ඇමෙරිකාවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

(034)



අදහස් (1)

රුසියා කුලී හේවායනට ඇමෙරිකාව සහාය දීලා?

කිරිපුතා Tuesday, 27 June 2023 06:36 PM

ලෝකයේ කොතැනද තනියෙම හිස ඔසවන්න යන රටකට අකුලක් හෙළන්නේ එතන ඇමරිකාව .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site