IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රුසියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්

යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කළේය.

යුක්රේන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින්, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා යැයි කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව රුසියාවට චෝදනා නැගුවේය.

රුසියාවට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට, සාමාජික රටවල් එක් වී ඉදිරිපත් කළ යෝජනාවට, සාමාජික රටවල් 58 ක් ඡන්දය දී එකඟත්වය පළ කර අතර, සාමාජික රටවල් 44 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

යුරෝපා පාර්ලිමේන්තුව සාමාජිකයන් 494 දෙනකුගෙන් සමන්විතය.
‘රුසියන් සමූහාණ්ඩුව, යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර කිසිසේත් අනුමත කරන්න බැහැ.

මේ වනවිට යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව පහර දෙනවා. මෙය සැබැවින්ම කුරිරු ක්‍රියාවක්. සමාව දිය නොහැකි අමානුෂික ක්‍රියාවක්.’ යැයි එම යෝජනාවලියේ සඳහන් වී තිබේ.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස නම් කිරීමෙන් පසු රුසියාව තවත් හුදෙකලා කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හැකිවන අතර, රුසියාවට විවිධාකාරයේ බලපෑම් එල්ල කිරීමටත්, සම්බාධක සහ තහංචි පැනැවීමටත් හැකිවෙයි.

යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණය ප්‍රසංශනීය යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සී සතුට පළ කරමින් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (4)

රුසියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්

Perera Thursday, 24 November 2022 09:33 AM

ලංකාව ජනතාවට එරෙහිව ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන රජයක්

:       7       10

කිරිපුතා Thursday, 24 November 2022 09:43 AM

ත්‍රස්තවාදී ඉන්නෙ ඔය පාර්ලිමේන්තුවේ

:       6       10

ganegoda Thursday, 24 November 2022 10:57 AM

ස්වාධීනත්වය, ඝාම්භිරත්වය ආරක්ෂා කරගෙන ඉන්නේ රුසියාව පමණයි.

:       1       0

sujeewar Friday, 25 November 2022 09:13 AM

කුමන ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකලද එම ත්‍රස්තවාදියා බටහිර ගැතියෙක් නම් ආරක්ෂිතව සැඟවී සිටීමට ඉඩ දෙන අමුතුම කලාපය තමයි මෙහෙම කියන්නේ. ත්‍රස්වාදයට මානව හිමිකම් ලේබලයක් අවශ්‍ය නම් යායුතු රටවල් තමයි මේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site