IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රුසියාව කූලී හේවායෝ තව වැඩි කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමට තවමත් සොල්දාදුවන් බඳවා ගන්නා බව වාර්තා වී ඇත.

එසේම වැග්නර් ප්‍රධානි යෙවුගනී ප්‍රිගෝජීන් බෙලරුසයට පිටත්ව ගිය පුද්ගලික ගුවන් යානයද නැවතත් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ නැවතත් රුසියාවට පැමිණ තිබේ.

පසුගිය 24 වැනිදා වැග්නර් කුලී හේවා කණ්ඩායම රුසියාවේ කැරැල්ලක් දියත් කිරීමත් සමඟ එම කණ්ඩායම විසිරුවා හැරීමට ජනාධිපති පුටින් නියෝග කළේය.

රුසියානු දුරකතන සබඳතාවයක් භාවිත කරමින් බී.බී.සී පුවත් සේවය රුසියාවේ වැග්නර් කණ්ඩායමට කුලී හේවායන් බඳවා ගන්නා මධ්‍යස්ථාන වෙත ඇමතුම් ලබා දී කළ විමසීමකදී තවමත් යුක්රේනයේ සටන් වැදීම සඳහා වැග්නර් කණ්ඩායමට සාමාන්‍ය පරිදි සොල්දාදුවන් බඳවා ගන්නා බව තහවුරු කර තිබේ.

රුසියාවේ සියලු ප්‍රදේශ වලින් වැග්නර් කණ්ඩායමට සොල්දාදුවන් බඳවා ගන්නා බවත් රුසියාවේ කිසිවෙකු වැග්නර් කණ්ඩායම විසිරුවා ඇතැයි විශ්වාස නොකරන බවත් බී.බී.සී පුවත් සේවය පෙන්වා දී ඇත.

බී.බී.සී පුවත් සේවය දුරකතන ඇමතුම් වලට පිළිතුරු දුන් බඳවා ගන්නා මධ්‍යස්ථාන වල සිටින ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ වැග්නර් කණ්ඩායමට අලුතින් බැඳෙන සොල්දාදුවන් ගිවිසුම්ගත වන්නේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සමඟ නොවන බවත් ඔවුන් ගිවිසුම්ගත වන්නේ වැග්නර් කණ්ඩායම සමඟ බවත්ය.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සමඟ වැග්නර් කුලී හේවායන් කිසිම ගනුදෙනුවක් නොමැති බවත් තවමත් සාමාන්‍ය පරිදි වැග්නර් කුලී හේවා කණ්ඩායමට සොල්දාදුවන් බඳවා ගන්නා බවත් එක් බඳවා ගන්නා මධ්‍යස්ථානයක හිමිකරුවකු පවසා ඇත.

වැග්නර් කුලී හේවා කණ්ඩායමට සොල්දාදුවන් බඳවා ගන්නා මධ්‍යස්ථාන බොහෝ දුරට පදනම් වී ඇත්තේ සටන් කලා පාසල් සහ බොක්සිං සමාජ තුළය.

වැග්නර් කණ්ඩායම විසුරුවා හරිමින් එහි සොල්දාදුවන්ට රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි වීමට ජනාධිපති පුටින් අවස්ථාව ලබා දුන් අතර  රුසියානු - යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කළ පුද්ගලයන්ට සිරදඬුවම් ලබා දුන් පුටින් පාලනය වැග්නර් ප්‍රධානි යෙවුගනි.

ප්‍රිගෝජීන්ට ගොනු කර තිබූ අපරාධ චෝදනා ඉල්ලා අස්කර ගනිමින් ඔහුට බෙලරුසයට පිටුවහල් වීමට අවස්ථාව ලබා දුන් බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දී තිබේ.

තවමත් වැග්නර් කණ්ඩායමට සොල්දාදුවන් සාමාන්‍ය ලෙස බඳවා ගන්නා බවත් බඳවා නොගන්නා ලෙස තමන් දැනුවත් කර නොමැති බවත් බඳවා ගැනීමේ මධ්‍යස්ථාන පවසා ඇත.

වැග්නර් කණ්ඩායමේ සොල්දාදුවකුට මසකට රූබල් 240000 ක වැටුපක් හිමි වන අතර වැග්නර් සොල්දාදුවකු මාස හයක ගිවිසුමකට යටත්ව සේවය කරනු ලබයි.

තවමත් වැග්නර් කණ්ඩායම විසිරුවා හැර නොමැති අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත්තේ. විසිරුවා හැරීමට ලබා දී ඇති අවසන් දිනය කිසිම හේතුවකට දීර්ඝ නොකරන බවය.

බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ පවසා ඇත්තේ වැග්නර් කණ්ඩායම පිළිගැනීමට බෙලරුසියාව සුදානම් බවත් බෙලරුසියානු හමුදාවට වැග්නර් කණ්ඩායමෙන් බොහෝදේ ඉගෙන ගත හැකි බවත්ය.



අදහස් (1)

රුසියාව කූලී හේවායෝ තව වැඩි කරයි

ලුම්බිණි Friday, 30 June 2023 10:46 AM

වැග්නර් යුද්ධ කළයුත්තේ යුක්රේන් සමග නොව පුටින් සමගයි...

:       18       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site