IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියාවෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුසියා ආණ්ඩුව තමාට එවූ ලිපියේ  සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව ද හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද(4)පැවසීය.

රුසියා ගුවන් යානය සම්බන්ධයෙන්  ඇති වූ අර්බුදයෙන් පසු තමා රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අමතා යැවූ ලිපියට දින තුනක් ඇතුළත පිළිතුරු ලිපියක් ලැබී තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස ලැබුණු ලිපිය තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවූ බවද කීය.

රුසියාවෙි පිළිතුරු  ලිපියේ සඳහන් දේ කළා නම් නැවත ගුවන් ගමන් මෙන්ම වෙළෙඳ කටයුතු ඇරැඹීමට හැකියාව  ලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ගුවන් යානය සම්බන්ධයෙන්  ඇති වී තිබූ ප්‍රශ්නයේදී  ලංකාව කටයුතු කළ ආකාරය වැරදි බවත් අධිකරණයට නොයා රාජතාන්ත්‍රිකව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට තිබූ බව රුසියාවෙන් එවූ ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවන බවට පැහැදිලි සහතිකයක් දෙන්නැයි ද  එම ලිපියේ සඳහන් වී තිබු බවත් පොහොර හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියා ආණ්ඩුව සමඟ කතා කළ යුතු නැති අතර රුසියාවේ අදාළ සමාගම් සහ ලංකාවේ අදාල සමාගම් එකඟතාවයෙන් එම ගනුදෙනු සිදු කර ගැනීමට හැකියාව තිබෙන බව ද එම ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීය.

ඊට පිළිතුරු ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසූයේ තෙල් ගෙනෙන්නට පමණක් නොව හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා තමා රුසියාවේ සංචාරය  කරන බවයි.රුසියා රජයට ලබාදිය යුතු අදාළ ලිපි මේ රුසියන් භාෂාවට පරිවර්තනය කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.



අදහස් (12)

රුසියාවෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි

Prabha Monday, 04 July 2022 12:49 PM

ඔක්කොගේම කයිය තියෙනවා මොනවා නැතත්....!

:       2       73

sunil Monday, 04 July 2022 01:06 PM

ගූගල් ට්‍රාන්ස්ලේටර් එක පාවිච්චි කරන්න. විනාඩියෙන් පරිවර්තනය වෙනවා. එත් කොහොමද එකෙනුත් හම්බ කරන්නේ නේද ?

:       3       102

Hafeel Monday, 04 July 2022 01:33 PM

සුසිල්ටත්, ඩීල් දාසටත් ඇමැති කියන මස් කට්ටක් දීලා කට වහගන්නත් පුළුවන්, හැරුණු හැරුණු පැත්තට කතා කරවන්නත් පුළුවන්...!

:       2       79

ganegoda Monday, 04 July 2022 01:16 PM

අපිට ඔය කිසිදෙයක් අහන්න, දැනගන්න අවශ්‍ය නැහැනේ... එක සැරයක් කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තා හොඳටම ඇති.. ‘අපි ඕවට කියන්නේ මුට්ටිය දානවා කියලා..!

:       0       35

Sas Monday, 04 July 2022 02:27 PM

මුන් ඔක්කොමලාගෙ තියෙන්නෙ කයිවාරුව විතරයි.

:       0       0

fairoos Monday, 04 July 2022 03:05 PM

මෙචර වෙලත් තවත් කියවනව..හෙන වදින්ඩ ඔනෙ

:       0       0

sunimal Monday, 04 July 2022 04:35 PM

තෙල් පොහොර සල්ලි දීල කඩෙන් ගන්න කියල නේද කියල තියෙන්නේ?

:       0       16

nanda Monday, 04 July 2022 04:43 PM

අර ජනාධිපති සමාව ගැනත් කියන්නකෝ?

:       0       0

kumara Monday, 04 July 2022 05:09 PM

ගමෙන් ලියුමක් ඇවිල්ලා... අක්කගෙන් වාගේ... මොකක් කියලාද දන්නෑ.. එහෙ ගියෙත් නෑනේ...

:       0       9

Kumara Monday, 04 July 2022 11:20 PM

ලියුම දෙකට තුනට රෝල්කරගලා ගහගන්න පස්ස පැත්තේ...!

:       0       0

ජයලත් Tuesday, 05 July 2022 05:57 AM

පෙන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේ තමයි දැන්... මොහුට රාජ්‍ය තාන්ත්‍රික බලයක් නැහැ නේද?

:       0       0

Bamunuarachchi Tuesday, 05 July 2022 09:01 AM

සිංහලෙන්ද පුටින් ලිපිය ලියලා තිබුනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site