IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රැසියාවෙන් නිවාඩුවට ඇවිත් මොරගල්ලේ දී අවසන් ගමනේ

(තුසිත කුමාර ද සිල්වා) 

රුසියාවේ සිට මෙරට අලුත්ගම  මොරගල්ල  තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක    විවේක ගත කරන්න පැමිණ සිටි තරුණ සංචාරකයකු  අද එම සංචාරක හෝටලය ආසන්නයේ මුහුදේ දිය නාන්න ගොස් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේන  බව අලූත්ගම පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇති විදෙස් සංචාරකයා  රුසියන්  ජාතික සර්ජි ඉතිමොව්(38)  නම් අයෙකු බව පොලිසිය කියයි.

මියගිය විදෙස් ජාතිකයා සිය පෙම්වතිය සමඟ මෙරටට පැමිණ ඇති අතර මාර්තු මස 2 වන දින  ශ්‍රී ලංකාවට පැමිණ අලුත්ගම ප්‍රෙද්ශයේ සංචාරක හෝටලයේ   විවේකය ගත කරමින් සිටියදී අද  මුහුදේ දිය නෑමට යාමේදී රළ පහරකට හසුව මියගොස් තිබෙන  බව පොලීසිය කියයි. 

එම  විදෙස් ජාතිකයා ගේ මෘත ශරීරය බේරුවල රෝහලේ තැන්පත් කර තිබේන අතර බේරුවලහදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා  මූලික මරණ පරීක්ෂණ කටයුතු සිදු කර  මීට සුළු වේලාවකට පෙර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  මෘත ශරීරය කළුතර ශික්ෂණ රෝහල වෙත  රැගෙන යන ලෙස අලුත්ගම පොලිසියට නියෝග කළබව කියයි .

මියගිය  සංචාරකයාගේ පෙම්වතිය බව කියන විදෙස්  තරුණිය දැඩි ලෙස සංවේදී ව සිටියි.
අලූත්ගම  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ප්‍රියන්ත කුමාර අත්තනායක  මහතාගේ උපදෙස් මත පොලිස්  සැරයන්රත්නායක (58430) මහතා  විමර්ශන සිදු කරයි.



අදහස් (0)

රැසියාවෙන් නිවාඩුවට ඇවිත් මොරගල්ලේ දී අවසන් ගමනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site