
(සනත් ගමගේ)
හුංගම කහඳමෝදර කලපු මෝයේ ගිලී රුසියන් ජාතිකයකු මිය ගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.
කලපු මෝය ආසන්න වෙරළේ ගමන් කරමින් සිටි රුසියන් ජාතික තිදෙනෙකුගෙන් එක් අයකු කලපු මෝයට බැස ගමන් කිරීමට යෑමෙන් දියේ ගිලී මෙම අනතුරට පත් වූ බව හෝටල් සේවකයෙක් කීය.
මෙසේ දියේ ගිලී මිය ගොස් ඇත්තේ රුසියන් ජාතික සර්පිනන් පෙඩ්සි නැමැති 44 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම මිය ගිය රුසියන් ජාතික පුද්ගලයා සිය සහෝදරයා සමඟ වසර දහයකට වැඩි කාලයක් කහඳමෝදර ප්‍රදේශයේ ජීවත්ව ඇති බවත්, සහෝදරයා සහ තවත් හිතවත් රුසියන් ජාතික කාන්තාවක් සමඟ වෙරලේ ඇවිදිමින් සිටින මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය ඇසින් දුටු හෝටල් සේවක ඉමාෂි සලිඳු මහතා කියා සිටියේ මෙම තුන්දෙනා වෙරලේ ඇවිදින්න ගියා මමත් ගියා මිය ගිය පෙවිඩ් මහත්තයා මෝදරට බැස්ස ඒත් අනික් දෙදෙනා එපා කිව්වා. මමත් එපා කියද්දී බැස්සා. මෝදර මහුදුට වැටෙන තැන ගැඹුරුයි.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවෙන් ඇවිත් හුංගමින් අවසන් ගමන් යයි