
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රුසියාවට යවන බව පවසා පුද්ගලයින් 140 දෙනෙකුගෙන් පමණ රවටා රුපියල් කෝටියකට අධික මුදල් ලබාගෙන වංචා කළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර රියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් වන බව පොලිසිය කියයි.
එම සැකකරුගේ රියදුරු පාසල පරීක්ෂා කිරීමේදී විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 39 ක් හා ව්‍යාජ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.
රියදුරු පාසල පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව අවම මුදල වශයෙන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 06 සිට රුපියල් ලක්ෂ 14 මුදලක් උපරිමය ලබා ගෙන ඇති මෙම වංචාවට හසුවූ පුද්ගලයින් පොලිසිය හමුවේ පැමිණිලි වලින් සනාථ වන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන්ගේ වංචාවට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පුද්ගලයන් හසු වී තිබෙන බව එම පැමිණිලිවලින් වැඩිදුරටත් සනාථ වන බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුබැද්ද මොරටුව පදිංචිකරුවන්ය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවට යවන බව පවසා කෝටියක් වංචා කරලා