රුසියානු-යුක්රේන යුද ගැටුම් වලදී යුද අපරාධ සිදු වී ඇත්දැයි සෙවීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
2013 වසරේ රුසියානු හිතවාදී යුක්රේන රජයට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා යුක්රේනය තුල යුද අපරාධ සිදු වී ඇත්දැයි සෙවීම සඳහා කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතිඥවරයෙක් වූ කරීම් අහමඩ් ඛාන් පැවසුවේය.
"මෙම පුළුල් පරීක්ෂණය ආරම්භ වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ස්ථාපිත කිරීමට මුල් වූ "රෝම ව්‍යවස්ථාව"ට අත්සන් තැබූ රටවල් 39 කැනඩාව සහ ප්‍රංශය ඇතුළුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම හේතුවෙන්"කරීම් අහමඩ් ප්‍රකාශ කළේය.
මෙම පෙත්සම 2013 නොවැම්බර් මස 21 වෙනි දින සිට මේ දක්වා යුක්රේනය සිදු වූ වා යැයි කියන යුද අපරාධ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ලබා දෙනවා මම මේ ගැන අපරාධ අධිකරණයේ සභාපතිතුමාටත් දැනුම් දීලා තියෙන්නේ ඉක්මනින් පරීක්ෂණය පටන් ගන්නවා කියලා ඔහු වැඩි දුරටත් පැවසීය.
2002 දී පිහිටුවන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය ලෝකයේ රටවල සිදුවන සමූල ඝාතන, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සොයා බලා වගකිවයුතු පාර්ශවයන්ට දඬුවම් ලබා දේ.
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියානු-යුක්රේන ගැටුමේ යුද අපරාධ ගැන සොයයි
Bamunuarachchi Saturday, 05 March 2022 07:01 PM
යුද අපරාධ හොයලා මොකක් කරන්නද? අපිට දාපු පාට් රුසියාවට දමන්න බැහැ.