IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


රුසියන් තෙල් ආනයනය නවත්වයි

රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය කළේ රුසියාව යුක්රේනය එරෙහි ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි.

රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් රුසියාවට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ආර්ථික සම්බාධක පැනැවීම් සිදු කර ඇති අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලා සිටියේ රුසියාව මට්ටු කිරීමට එම සම්බාධක ප්‍රමාණවත් නොවනු ඇති බවය.

රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීම සීමා කිරීමටත්, පසුව එය මුළුමනින්ම නැවැත්වීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීණය කළේ ඒ අනුවය. මේ අතර, යුරෝපා සංගමය පවසා ඇත්තේ තමන් ද රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවය.

රුසියාවෙන් වැඩි වශයෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සිදු කරන්නේ මහා බ්‍රිතාන්‍යය ද ඇතුළු සෙසු යුරෝපා රටවල්ය. රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම නතර කළොත් මෙම රටවලට මැදිපෙරදිගින් තෙල් සහා වායු මිලදී ගැනීමට සිදුවනු ඇති අතර එය මැදපෙරදිගින් තෙල් සහ වායු මිලදී ගන්නා අනෙක් රටවලට ගැටලුවක් වනු ඇතැයි ජගත් විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

රුසියන් තෙල් ආනයනය නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site