IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


රුසියන් ජනපතිවරණය: පුටින්ට අභියෝගයක් නෑ

රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 

71 හැවිරිදි පුටින්ට අභියෝග කිරීමට සමත් කිසිදු අපේක්ෂකයකු හෝ පක්ෂයක් හෝ නොමැති බැවින් ඔහු සහ ඔහුගේ ‘එක්සත් රුසියා’ දේශපාලනක පක්ෂයට පහසු විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව, ඒ අනුව, ව්ලැදිමීර් පුටින්ට තවත් වසර 6 ක් එනම්, 2030 තෙක් ධුරයේ රැඳී සිටිනු ඇත. 

භූමි ප්‍රමාණයෙන් විශාලතම රට ලෙස සැලකෙන්නේ රුසියාවය. රුසියාව කාල කලාප කීපයකට ද අයත් වෙයි. ජනාධිපතිවරණය තෙදිනක් තිස්සේ පැවැත්වෙන්නේ එහෙයිනි. ලබන 17 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වනු ඇති අතර රුසියන් මැතිවරණ කොමිසම ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත්තේ මැයි මාසයේය.

ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් ‘කේ.ජී.බී.’ රහස් ඔත්තු සේවයේ, ලුතිනන් කර්නල්වරයෙකි. පුටින්, පළමුවෙන් රුසියාවේ වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය. ඒ, 1999 වසෙර්දීය. වැඩ බලන ජනාධිපති ධුරයට පුටින් පත් කරනු ලැබුවේ එවකට රුසියාවේ බලයේ සිටි බොරිස් යෙල්ට්සිං විසිනි. 

ඉන්පසු පුටින් රුසියාවේ අග්‍රාමාත්‍ය ලෙසත් එක් ධුර කාලයක් සම්පූර්ණ කළේය. පුටින් රුසියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ 2012 මැයි මාසයේ සිටය. රුසියන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කින් දීර්ඝ කර ගත්තේය. 2020 දී පුටින්ගේ මැදිහත් වීමෙන් රුසියන් ව්‍යවස්ථාව වෙනස් කෙරුණි. ඒ අනුව, ජනාධිපති ධුරයට ඉදිරිපත් වී, තවත් වසර 6 ක කාලයක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට ඉඩ සලසා ගන්නා ලදී. 2030 පමණක් නොව, ඉන්පසු 2036 වසර තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට හැකි වනු ඇත.

රුසියාවේ ජනගහනය මිලියන 143 කි. මිලියන 112.3 ක රුසියානුවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ බලධාරීන් පවසා ඇත. මෙවර ජනාධිපතිවරණයේ දී සියයට 70  කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2018 ජනාධිපතිවරණයේ දී සියයට 67 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළහ. 

රුසියාව විසින් අල්ලා ගත් යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපයේත්, යුක්රේනයේ රුසියන් පාලනය යටතේ පවතින සෙසු පළාත්වලත් මැතිවරණ කටයුතු පැවැත්වෙයි. පුටින්ගේ නියෝගයට අනුව, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගැනීම මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන සාධකයක් වනු ඇත.

පුටින් සහ පුටින්ගේ රජයේ දූෂණ වංචා ලොවට හෙළි කළ සමාජ ක්‍රියාකාරියකු වූයේ 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නිය. කෙසේ නමුත්, රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ සිරදඬුවම් නියම වූ නෙවල්නි, පසුගියදා රුසියන් සිර කඳවුරකදී හදිසියේ මියගියේය. නෙවල්නි දැඩි ලෙස පුටින් විවේචනයට ලක් කළ අයෙකි. සිර කඳවුරේදී නෙවල්නි ඝාතනයට ලක් වුණු බවටත්, එසේ වූයේ පුටින්ගේ අනුදැනුම යටතේ බවටත් චෝදනා එල්ල වී ඇත.

නෙවල්නි සේම, ජනාධිපති පුටින් විවේචනය කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට විරෝධය දක්වන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනකු ලෙස සැලකෙන්නේ 40 හැවිරිදි යෙකත්‍රිනා ඩන්ට්සෝවා සහ 60 හැවිරිදි බොරිස් නදෙෂ්දීන්ය. 

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට මොවුන් දෙදෙනාට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එහෙයින්, මෙවර ජනාධිපතිවරණයට මොවුන් දෙදෙනා ඉදිරිපත් වන්නේ නැත.

යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදා ක්‍රියාමාර්ගය වහා නවත්වන ලෙසත්, යුක්රේන අර්බුදය වහා විසඳා ගත යුතු බවත් ජනපති පුටින්ට සහ රුසියන් රජයට බලපෑම් කරන යෙකත්‍රිනා ඩන්ට්සෝවා, රුසියාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවකි.

පුටින් සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන, පුටින්ට අභියෝගයක් නොවන අපේක්ෂකයෝ තිදෙනෙකි. ඔවුන් තිදෙනාගෙන් එක් අයකු 75 හැවිරිදි නිකොලායි කරිටොනෝව්ය. මොහු රුසියන් පාර්ලිමේන්තුව හෙවත් දූමා සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයකු වන අතර කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරයි. ජනාධිපති අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන 56 හැවිරිදි ලියොනිඞ් ස්ටල්ස්කී, දූමා සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ලියොනිඞ් ස්ටල්ස්කී, නියෝජනය කරන්නේ ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂයයි.

තෙවැනි අපේක්ෂකයා වන්නේ 40 හැවිරිදි ව්ලැඩිස්ලෝව් ඩවන්කෝව්ය. රුසියන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ළාබාලතම තැනැත්තා ඩවන්කෝව් වන අතර, ඩවන්කෝව් නියෝජනය කරන්නේ ‘නිව් පීපල් පොලිටිකල් පාටි’ නමැති දේශපාලන පක්ෂයයි. රාජ්‍ය සම්මාන රැසකික් ව්ලැඩිස්ලෝව් පිදුම් ලබා ඇති අතර, පුටින් විසින් ලබා දුන් සම්මානයක් ද ඒ අතර වෙයි.



අදහස් (0)

රුසියන් ජනපතිවරණය: පුටින්ට අභියෝගයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 12 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 47 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 220 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 553 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 336 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 681 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1390 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site