(ඉන්දිකා රාමනායක)
වැලිගම සුපිරි වෙළඳසැලක පෝලිමෙන් පැන මත්පැන් ලබාගත් බව කියන රුසියානු ජාතිකයෙකු ට විදුරු බෝතලයකින් පහර දී තුවාල සිදුකළ ධීවරයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ රුසියානු ජාතිකයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
(32) හැවිරිදි මෙම රුසියානු ජාතිකයා මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සඳහා වැලිගම නගරයේ සුපිරි වෙළද සැලකට ගොස් ඇති බවත්, එහිදී ඔහු පෝලිමේන් පැන මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෝලිමේ සිටි ධීවරයකු ඔහු සමග බහින්බස් වීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
එම බහින් බස් වීම අතරතුර රුසියානු ජාතිකයා ධීවරයාට පහරක් එල්ල කර ඇති බවත්, එහිදී ධීවරයා ඔහුට වීදුරු බෝතලයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියානු ජාතිකයාට පහරදුන් ධීවරයා අත්අඩංගුවට
Rathne Sunday, 02 April 2023 04:20 PM
යුරෝපයේ නම් පෝලිම්වල ඉන්න අය කිසිම විටකත්, පෝලිමේ ඉදිරියට පැන තමන්ගේ අවශ්‍යතා කරගන්නේ නෑ. සමහරවිට පරිසරය අනුව ඔහුත් හැඩගැහෙන්න ඇති...
Kumar (Gulf) Sunday, 02 April 2023 11:57 PM
රුසියාව යනු යුරෝපය නොවේ, එය ත්‍රස්තවාදීන්ගේ රටකි.
PereraMonday, 03 April 2023 08:55 AM
ජාත්‍යන්තරයේ ලංකාව දැන් ප්‍රසිද්ධ නීතියක් නැති සාරධර්ම විනයක් නැති බංකොළොත් රටක් හැටියට...
විජේ Sunday, 02 April 2023 04:47 PM
ඉල්ලංනෙ කාලා තියෙන්නෙ, රුසියානුවාටත් දඩුවමක් ඕනෙ කේස් එකක්. රුසියාවෙ කොලනියක් කියලද දන්නෑ හිතං ඉන්නෙ මේක.
rocky Sunday, 02 April 2023 05:33 PM
රුසියානු ජාතිකයා දඬුවම් ලැබිය යුතුයි...!
Ratavasiya Sunday, 02 April 2023 05:47 PM
හෝටල් කාරයො සාධාරණ මිලකට මත්පැන් විකුණනවා නම් පිටින් ගන්න ඕනෑ නැහැනේ... එකට තුනක් තියලා විකුණන්නේ...
de silva Sunday, 02 April 2023 08:37 PM
රුසියනුවන් යනු බටහිර යුරෝප ජතිකයන්ට වැඩිය හාත්පසින්ම වෙනස් ජතියක්, රුසියානුවන් ඉන්න හොටල් වල නවතින්න ජර්මන්, ප්‍රන්ශ සහ ඔස්ට්‍රිලියානුවන් වැඩිකැමැත්තක් දක්වන්නේ නැත.
ලුම්බිණි Monday, 03 April 2023 04:51 AM
දැන්වත් තේරුම් ගනියි මේ රුසියාව නෙවෙයි කියල.
Neo Monday, 03 April 2023 07:25 AM
එතකොට ඉස්සර වෙලා පෝලිම්නුත් පැනලා ධීවරයාට ගහපු රුසියානුවාට වැඩි සැළකිලි ද?
janindu Monday, 03 April 2023 09:14 AM
කොහොමත් රුසියන් කාරයො කියන්නෙ ටිකක් අමුතු මිනිස්සු වර්ගයක්
pakeer Monday, 03 April 2023 10:05 AM
හරි කෙනා, වැරදි කෙනා බලන්න මෙතන තියෙන කරුනු මදී.