රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඔහු පසුගිය ජනවාරි මාසයේ සිට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන අතර වයිරසයට ආදාළ කටයුතු මෙහෙයවීමට හෙතෙම සක්‍රීයව දායක වුණි.
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහු සිය අසනීප තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්ද්‍රෙයි බෙලසොව් මහතා තම ස්ථානය ගනිමින් කටයුතු කිරීම සුදුසු බවට මිෂුස්ටින් මහතා කළ යෝජනාවට රුසියානු ජනපතිවරයා එකඟ වී තිබේ.
අගමැතිවරයා මේ වන විට ස්වයං නිරෝධානයට යොමු වී ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වූ රුසියාවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා ඔහුය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට රුසියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 106,498 කි.
එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,073 කි.
-226-
(බීබීසී ඇසුරෙනි)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රුසියානු අගමැතිටත් කොරෝනා
Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 06:50 AM
ගහන හෙනේ පැණි වරකා නොබලන්නේ..... වයිරස් වලට උස මිටිකම නොපෙනෙන්නේ......