IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රිෂී සුනාක්ට අගමැති ධුරය හිමිවන ලකුණු

පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පාලක පක්ෂය වන ‘කොව්සවර්ටිව්’ පක්ෂයේ නායකත්ව සටනේ ඉදිරියට පැමිණීමට ඉන්දීය සම්භවයක් ඇති 42 හැවිරිදි සුනාක් සමත් වීමත් සමඟය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.

පක්ෂ නායකත්වය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසුමක් ඊයේ (18) පැවැත්වුණු අතර, එහිදී වැඩි දෙනාගේ මනාපය රිෂී සුනාක්ට හිමිවියත ඡන්ද විමසුම පැවැත්වූයේ ‘කොන්සවර්ටිව්’ පක්ෂ අභ්‍යන්තරයේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වර්ටිව් පක්ෂය මන්ත්‍රීවරු 358 දෙනකු සිටින අතර, එයින් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසකගේ කැමැත්ත සහ විශ්වාසය දිනාගන්නා අපේක්ෂකයා ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකයා මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වනු ඇත.

පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරුන් අතරේ ඡන්ද විමසීම් කීපයක් පැවැත්වෙයි. ඒ, අපේක්ෂකයන් දෙදෙනකු ඉතිරි වන පරිදිය. ඊයේ (18) ඡන්ද විමසුමක් පැවැත්වෙද්දී පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් අපේක්ෂකයෝ පස් දෙනෙක් ඉදිරිපත් වී සිටියහ.

හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක්, විදේශ කටයුතු අමාත්‍යවරිය ලිස් ට්‍රස්, වෙළඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටොම් ටුගෙන්ඩාට් එම පස්දෙනාය.

ඊයේ (18) ඡන්ද විමසුමේ දී, හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට කොන්සර්වර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු 115 දෙනකුගේ සහාය හිමිවිය. වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට් සහාය ලබා දුන් මන්ත්‍රීවරුන් ගණන 82 කි.

විදේශ කටයුතු අමාත්‍ය ලිස් ට්‍රස් ට සහාය ලබා දුන් ගණන 71 කි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් ට 58 දෙනකුගේ සහාය මෙන්ම ටොම් ටුගෙන්ඩාට් මන්ත්‍රීවරුන් 31 දෙනෙකගේ සහාය හිමිවිය. අඩුම මන්ත්‍රීවරුන් ගණනකගේ සහාය හිමිවුණු ටොම් ටුගෙන්ඩාට් පක්ෂ නායකත්වය සටනෙන් ඒ අනුව ඉවත් වූයේය. අවසානයේ අපේක්ෂකයන් දෙදෙනකු ඉතිරි වනතුරු මෙසේ ඡන්ද විමසීම් පක්ෂ අභ්‍යන්තරයේ පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය ධුරයේ සිටි බොරිස් ජොන්සන් ට පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වීමට සිදුවූයේ ‘කොන්සවර්ටිව්’ පක්ෂය තුළින් එල්ල වුණු විරෝධයක් හේතුවෙනි. එම විරෝධයට හේතුව වූයේ ජොන්සන්, කොවිඩ් නීති උල්ලංඝනය සහ ලිංගික චෝදනා එල්ල වුණු මන්ත්‍රීවරයකුට රජයේ ඉහළ තනතුරක් පිරිනැමීමය. නව පක්ෂ නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා ගන්නා තුරු වැඩබලන අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ ජොන්සන්ය.

(රොයිටර්)



අදහස් (0)

රිෂී සුනාක්ට අගමැති ධුරය හිමිවන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site