බ්‍රිතාන්‍ය පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය රනිල් ජයවර්ධන , ව්‍යාපාර සහ බලශක්ති අමාත්‍ය ජෙකොබ් රීස් මොග්, ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස්, භාණ්ඩාගාරය පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් වෙන්ඩි මෝර්ටන් යන ටෝරි මන්ත්‍රීවරුන්ට සිය අමාත්‍ය ධුර අහිමි වනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක්ගේ රජයේ කැබිනට් මණ්ඩලය අද (25) පත් කිරීමට නියමිතය.
රිෂි සුනාක්ගේ කැබිනට් මණ්ඩලයේ ඩොමිනික් රාබ්, මෙල් ස්ට්‍රයිඩ්, ජෝන් ග්ලෙන් සහ මයිකල් ගොව් ටෝරි මන්ත්‍රීවරුන්ට ප්‍රධාන අමාත්‍ය ධුර හිමිවනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.
එසේම තම ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට් හට කන්සවර්ටිව් පක්ෂයේ එකමුතු කිරීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍ය ධුරය පිරිනමනු ඇති බවත් ජෙරමි හන්ට් මුදල් අමාත්‍යවරයා ලෙස සිය ධුරයේ දිගටම කටයුතු කරනු ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු මුණගැසී ධුරයේ වැඩ භාරගත් පසු අද (25) එරට වේලාවෙන් 11.35 ට පමණ ජාතිය ඇමතීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ ප්‍රධානත්වයෙන් අවසන් වතාවට කැබිනට් මණ්ඩලය එරට වේලාවෙන් උදැසන 9 රැස්වීමට නියමිත අතර අනතුරුව ලිස් ට්‍රස් චාල්ස් රජු උදෑසන 10.15 පමණ මුණගැසීමට නියමිතය. ඉන් අනතරුව රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු මුණගැසී ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.
034
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිෂි සුනාක්ගේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට සියල්ල සූදානම්