IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රිෂී කපූර් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී රිෂී කපූර් මහතා මුම්බායිහි රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 67 වැනි වියේ පසුවිය.

1973 වසරේ බොබී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟදක්වමින් ඔහු සිය නාමය ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ සනිටුහන් කිරීමට සමත් විය.

දශක දෙකක් පුරා චිත්‍රපට ගණනාවක ප්‍රේමණීය චරිතවලින් ඔහුගේ රංගන දිවිය හැඩ වූ අතර ඉන්පසුව චරිතාංග නළුවෙකු ලෙස ද ඔහුගේ දක්ෂතා කැපී පෙනුණි.

2018 වසරේදී ඔහුට පිළිකාවක් ඇති බව හඳුනාගැනීමෙන් පසු අමෙරිකාවේ නිව්යෝක්හිදී දිගු කලක් ප්‍රතිකාර ලබා පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණ තිබුණි.

ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළීමත් සමඟ ඊයේ උදෑසන රෝහලට ඇතුළත් කළ බව ඔහුගේ සොහොයුරු රන්දීර් කපූර් ප්‍රකාශ කළේය.

1970 වසරේ දී රිෂී කපූර් සිය පියා වන රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ මේරා නාම් ජෝකර් චිත්‍රපයෙන් සිනමාවට අත්පොත් තැබීය.

(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (3)

රිෂී කපූර් අභාවප්‍රාප්ත වෙයි

Ruhunu Thursday, 30 April 2020 08:33 AM

ඔබට නිවන් සුව ලැබෙවා...

:       0       15

විජිත් Thursday, 30 April 2020 09:11 AM

නිවන් සුව අත්වේවා...!!!

:       0       0

විජිත් Thursday, 30 April 2020 04:13 PM

නිවන් සුව පතමි...!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site