IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රොෂාන් රණසිංහත් ජනපති සටනට

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි ජනාධිපතිවරණයට තමා ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ පදනම් ආයතනයේ දී  අද(11)දා  පැවති රැස්වීමකදී ය.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ අත්දැකීම් මත සකස් කෙරුණු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදැක්වීම සඳහා මෙම උත්සවය සංවිධාන කෙරිණ.

සරත් නන්ද සිල්වා මහතා මෙම වගකීම බාරගන්නැයි  තමාගෙන් ඉල්ලීමක් කළ බවත් මම ඉදිරිපත් වන්නේ ජනාධිපති ධූරය භාර ගැනීමට නොව එය අතහැරීමට බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ රටේ ජනතාව තමාට සහාය දෙන බව විශ්වාස යැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මාතෘ භූමිය බේරා ගැනීම සඳහා තමා ඉදිරිපත් වන බවද ප්‍රකාශ කළේය.



අදහස් (7)

රොෂාන් රණසිංහත් ජනපති සටනට

මහසෙන් Sunday, 11 August 2024 08:04 PM

නියමයි..තව ඕනා. අතහරින්න නේ ඉල්ලනේ.ඒ හින්දා අවුලක් නෑ.

:       0       18

වත්සි Sunday, 11 August 2024 09:29 PM

මෙයාට කලිනුත් ජනාධිපති ධුරය අත අරින්නෙයි කියලා පොළොන්නරුවෙන් ආපු හාදයා කරපු හරිය රටට මතකයි.

:       0       25

රත්නායක Sunday, 11 August 2024 11:43 PM

ජනාධිපති වෙන්නේ නැති නිසා මේ මනුස්සයට ඕනෑම පොරොන්දුවක් දෙන්න බැරියැ.

:       0       4

sunimal Monday, 12 August 2024 02:04 AM

ඔන්න අපේ පැත්තේ චුන් පාන් කාරයත් චන්දෙට එනවලු . පවු මිනිහ හිතනවා සුවර් එකටම මිනිහ ජනාධිපති වෙන්ව කියල . අනිතිමට ඉල්ලා අස්වෙලා පුතානෝට චන්දෙ දෙන්න කියල කියන්නලු මිනිහගේ ප්ලෑන් එක .

:       0       4

Lankabarana Monday, 12 August 2024 05:10 AM

මෙහෙම ඉදිරිපත් වුනාම රටේ ජනතාව විවිධාකාරයෙන් බෙදීයාමක් ඇතිවෙනවා කියලා හොදින්ම පැහැදිලියි ඔය අතරේ තියෙනවා බෙදීගියොත් රට යයි සුන්වී කියලා ඒ අනුවත් මේ කරන්නෙ සමාජයේ බෙදීමක් ඇතිකිරීම තමයි ඔය අනෙක් කෙනා ගැන ජනතාව දන්නවා එහෙම කෙනෙකුත් මෙහෙම දේවල් කිරීම ගැන කණගාටුවක් පමණයි තියෙන්නෙ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියලා තියෙනවා ඉදිරිපත් වෙන කෙනෙක් වෙනුවෙන් ජනතා මුදලින් රුපියල් මිලියන 200 ක් අමතරව වැයවෙනවා කියලා ඒ අනුවත් මොහුත් ඔහු සමග සිටිනා කෙනත් කරන්නෙ ජනතා මුදල් බරපතළ ලෙසට නාස්ති කිරීමක් පමණයි

:       0       0

සෞභාග්‍යයේ පෙරට Monday, 12 August 2024 08:33 AM

නායක හාමුදුරුනමක් එක දවසක් වදාරා තිබුනා දේශපාලනය කියන්නෙ මොකක්ද නොදන්නා අයත් රටේ ජනතාව කිසිවකු නොදන්නා අයත් පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා හෝ නම ප්‍රචාරය කර ගන්න මැතිවරණය සදහා ඉදිරිපත් වෙනවා කියලා .එක රූපවාහිනී නාලිකාවක විකාශය කරන ටෙලිනාට්‍යයක සිංහල ක්‍රමයට භාවිතා කරන නෑකම් වරදවා කියවනවා

:       1       1

fairoos Monday, 12 August 2024 11:00 AM

ජනතාව හරියට ඡන්දෙ භාවිතා කරේ නැතිනම් මේ පාර ඔක්කොම ඉවරයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site