IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


රොෂාන් රණසිංහගේ ඇමැති පට්ටම් ගලවයි

(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි  අද (27) එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථා  යටතේ තමා වෙත පැවරුණු  බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ද වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොෂාන් රණසිංහ මහතාට යැවූ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියේ සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එම රැස්වීමේ ආරම්භක අවස්ථාව  සඳහා ද රොෂාන් රණසිංහ මහතා සහභාගී වී ඇත.

අනතුරුව ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇමැති අනුකමිටුවක් පත් කළේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම සඳහා  දුරදිග කල්පනා කිරීමෙන් පසුව බවයි.

තමා කිසිවිටෙක  පටු දැක්මකින් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවක් පත් කිරීමේ සිට මේ දක්වා සිදු වූ සිද්ධි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී පුළුල් විග්‍රහයක් කර ඇති අතර අනතුරුව රොෂාන් රණසිංහ මහතා වෙත තනතුරෙන්  ඉවත් කිරීම පිළිබඳ ලිපිය බාරදී තිබේ.

ඉවත් කිරීමේ ලිපිය බාර ගත් රොෂාන් රණසිංහ මහතා පවසා ඇත්තේ තමා දූෂණයට විරුද්ධ බවයි.තමා ද දූෂණයට විරුද්ධ බව එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයාට පවසා ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා ඉකුත් නොවැම්බර් 6 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිමින් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ අතර පසුව අධිකරණය විසින් එම අතුරු පාලක මණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නිර්දේශ නිකුත්  කිරීමට ජනාධිපතිවරයා විසින් ද කැබිනට් අනු කමිටුවක් පත් කරන ලද අතර අදාල  සිද්ධි පදනම් කරගනිමින් රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයක දීම ජනාධිපතිවරයා ගේ මෙන්ම රජය පාර්ශ්වයේ ඇතැම් ක්‍රියා කලාපයන් ගැන විවේචනාත්මකව කරුණු දැක්වීය.

අවසන් වශයෙන් රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (27) පෙරවරුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙන්ම රජයේ ඇතැම් පාර්ශවයන් ද දැඩි විවේචනයකට ලක් කළේය.තමා අමාත්‍ය අමාත්‍ය  ධුර වලින්  ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමින් පැවසීය.

රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කරනු ලැබූයේ මේ අතරතුරදීය.

 

 



අදහස් (34)

රොෂාන් රණසිංහගේ ඇමැති පට්ටම් ගලවයි

රංබොඩ Monday, 27 November 2023 04:05 PM

ඒක පට්ට...! මිස්ටර් බීන් ගේ තවත් ජවනිකාවක්...!

:       13       65

Thushan Monday, 27 November 2023 04:12 PM

ජනාධිපතිට, සාගලට මොනවාහරි කිව්වාම දරාගන්න බෑ වගේ... මේ මිනිස්සු දෙන්නා මේ විනාශ වෙච්ච රට තවත් විනාශ කරනවා. රොෂාන් ඇමැතිතුමා කිව්වා වගේ, සාගල කියන්නේ කවුද?

:       13       80

Prabha Monday, 27 November 2023 04:51 PM

පවුලට ලැදි ස්වාමියෝ එහෙම තමයි...

:       11       48

Pankumburage Monday, 27 November 2023 04:12 PM

ඔන්න ලංකාවේ තත්වය... හොරු දිනුම්...!

:       11       67

Rifan Monday, 27 November 2023 04:12 PM

මේ කියාපාන්නේ ක්‍රිකට් පාලක මණ්ඩල බලය සහ අපේ රටේ මහත්මා දේශපාලනයේ තරමයි...!

:       8       63

beau Monday, 27 November 2023 04:15 PM

අයියෝ, පව්...!

:       5       32

fairoos Monday, 27 November 2023 04:22 PM

ඔක උනෙ නැත්නම් තමයි පුදුමෙ..රනිල් රාජපක්ශ කියන්නෙ එකට තමයි

:       2       2

Hafeel Monday, 27 November 2023 04:27 PM

දැන් 134ට සැපද? ඉල්ලන් කෑව නේද?

:       2       1

Charura Monday, 27 November 2023 04:30 PM

හොරු ඔක්කොම එකතුවෙලා.... ලංකාවේ ක්‍රිකට් ඉවරටම ඉවරයි........

:       2       1

Kamidu Monday, 27 November 2023 04:32 PM

සියලුම දේවල්වලට වඩා සල්ලි බලවත් බව පැහැදිලියි.

:       2       2

Nimesh Monday, 27 November 2023 04:32 PM

පිනපති තුමා කොහොමත් හොරුන්ගේ පැත්ත ගන්න බව අපි හොමෝම දැනගෙන හිටිය

:       2       2

Sachith Monday, 27 November 2023 04:43 PM

තවත් විනෝද සමයක් මෙසේ ආරම්භ වූ වගයි.

:       7       39

මැක්ස් Monday, 27 November 2023 04:53 PM

කෝ අර අරගල හැත්ත බුරුත්ත... බැරිද ඒ අයට ජනාධිපති මන්දිරය වටලලා, රූපවාහිනියට පැනලා මේ "ඒකාධිපති වියරුවට" විරෝධය පාන්න... අකුදී, සජි බබා සහ සමාගම, ඔන්න අවස්ථාව තමන්ගේ වීරත්වය පෙන්නන්න. ජූලී නෝනාත් උදව්වට එයි...!

:       37       37

Dinesh Monday, 27 November 2023 06:32 PM

මොනවා කළත් අරගලය පළි...

:       11       21

සුනිල් Monday, 27 November 2023 09:16 PM

මේවා ඒ පරගලේ ප්‍රතිඵල නැතිනම් මොකක්ද

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2023 07:13 AM

අරගල හැත්තට බුරන්න බැහැ උන්ගේ බෙල්ලෙන් අල්ලලා කටවල් අසුචි ගොඩක උලලා. කාලකන්නි

:       0       0

චන්දන Monday, 27 November 2023 04:55 PM

දැන් හොඳටම පැහැදිලියි හොරුන් රකින්නේ කවුද කියලා... වංචා, දූෂණය ගැන රනිල් කෙලින්ම වගකිව යුතුයි. මහ බැංකු හොරු රකිනවා වගේම ක්‍රිකට් හොරුත් රකිනවා...!

:       9       56

සමන් Monday, 27 November 2023 04:57 PM

හොරුන්ට ගිය රට. රොෂාන් මැතිතුමනි, ඔබට හොරු පැන්නීමට යෝධ බල ලැබේවා...!

:       12       46

Sam1 Monday, 27 November 2023 04:59 PM

අර්ජුන හරි විදියට පාලක මණ්ඩලයට එනවා නම් හොඳයි.. නමුත් ඇමැති නම් දේශපාලන ගේම් 1ක් ගැහැව්වා. මිනිස්සු අතරට යන්න, ඒකට ඉත්තා කරේ අර්ජුන... බලය හරි විදියට ගන්න...

:       15       23

C.K.Lankaputhra Monday, 27 November 2023 05:23 PM

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පළමු වන සුදු කොඩිය එසවුණු වගයි. අනිච්චාවත සංඛාරා...!

:       12       47

Nila Monday, 27 November 2023 05:34 PM

ජනාධිපති රනිල් හැමදාම කළේ තමන්ට ලැබෙන්න තිබෙන ඡන්ද එන්න එන්න අඩුකර ගැනීම තමයි. ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම පරාද වෙනවා තමයි... නමුත් තියෙන ඡන්ද ටිකත් මෙයා නැතිකර ගන්නවා.

:       11       40

Sumana Monday, 27 November 2023 05:55 PM

අධිරාජ්‍ය ගැති සර්වබලධාරී මහා ක්‍රිකට් සොරමුල සොලවන්න තැත් කළ, මහ කයිවාරු කෙරුමන් පවා කට සෙලවීමට බියවූ දෙයකට අතගැසීමේ ගෞරවය හිමි ගමේ පණ ඇති කොල්ලෙක්...! 

:       10       33

sunimal Monday, 27 November 2023 06:19 PM

මට අරගලකාරයෝ පෙන්නන්න බෑ...

:       27       16

ක්රිෂ්ණා Monday, 27 November 2023 06:21 PM

කලින්ම විය යුතුව තිබුණු වැඩක්... පමාවී සිදුවීම පමණයි...! 

:       40       24

විපරමා Monday, 27 November 2023 06:54 PM

මැක්ස් කියන කෙනා මොලේ උඩ ඉන්න කෙනෙක් වගේ.අරගලය නිසා තමයි 69 ලක්ෂයක් චන්දෙ ගත්තු තුනෙන් දෙකේ බලයක් තිබුනු දූෂිත පවුල් පාලනේ උන්ව පැන්නුවේ .ආර්තික ගාතකයෝ රකින එකනේ පින් ජනපතියා කරන්නේ.

:       0       0

Saththaya Monday, 27 November 2023 07:10 PM

මේක තනිකර නිධන් හොරුන්ගේ සහ හොර සල්ලි අච්චු ගහපු අයගේ තවත් කුමන්ත්‍රණයක්...

:       0       0

Rata Perata Monday, 27 November 2023 07:10 PM

මානසික රෝගියෙක් ජනාධිපති කරගත්තාම ඕවා ඔහොම තමයි. පිස්සෙක් රජ වුණත් එකයි.. රජාට පිස්සු වුණත් එකයි.

:       0       0

සාලිය​ Monday, 27 November 2023 07:52 PM

නටපු නැටුමකුත් නැත​. අන්තිමට බෙරේ පලුවකුත් නැත​..

:       0       0

Nadadawa withanage sisira kumara Monday, 27 November 2023 08:37 PM

සල්ලි බලය පෙන්නුවා...!

:       0       0

Sk Monday, 27 November 2023 08:38 PM

හොරු සිටින රටක් ලොකු අය හොරු වුණාම...

:       0       0

Amal Monday, 27 November 2023 08:44 PM

හොරු සමග හෙලුවෙන්! රට කන අපතයින්!! ඊළඟ මැතිවරණයේදී 226ම ගෙදරට යවමු...!

:       0       0

Sampath Abeygunasekara Monday, 27 November 2023 09:09 PM

මේක තමයි කල යුතු දෙය මෙච්චර කල් ඉඳලා බොරු ෂෝ එකක් දාන්න ගියා

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2023 01:24 AM

රොෂාන් ඔය බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒ නිසා ඒ ගැන දුක් වෙන්න එපා ආරක්ෂාව ඉල්ලා අඬන්නත් එපා. වඩුගයත් වැඩිකල් ඉන්න එකක් නැහැ. ඌ වෙනුවෙන් ජනතාව ගොක්කොල දාන එකක් නැහැ.

:       0       0

abaran Tuesday, 28 November 2023 01:39 AM

හොඳ තීරණයක් මොකද මෙයා ඕනවට වැඩ දැඟලුවා . ඇත්තටම මෙයාට අවංකවම ක්‍රිකට් හදන්න නම් උවමන උනේ ඇයි මේ ලඟකදී ඉඳල කුලප්පු උනේ ? එයාට තිබුනනේ ක්‍රීඩා ඇමතු උනුගමන්ම ඔයවදේ පටන්ගන්න . මෙයා මෙතනදී වෙනගේමක් තමයි ප්ලේ කරන්න හැදුවේ . දැන් ඉතින් සජබෙන් එන්නයි හදන්නේ . අවාසනාවට පොළොන්නරුවේ ජනතාව මෙයාව ඊළඟ පාරත් පාර්ලිමේන්තු එවනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 348 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1657 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1566 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස



වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 179 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 375 1

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1175 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 295 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1332 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site