IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රිෂාඩ්ගේ මල්ලී සහරාන්ව 2017 දී ඉන්දියාවට යවලා

(*** නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි දෙමින් පැවසීය.

වර්ෂ 2017 මාර්තු මාසයේ දිනෙක මඩකළපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහ්රාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, රිෆ්ඛාන් බදියුදීන් යන අය මෙලෙස ක්‍රියා කර ඇතැයි ද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සිය සාක්ෂියෙන් සඳහන් කළේය.

සහ්රාන් හෂීම් යන අය තවත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග මඩකලපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේදී ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් මොහු සම්බන්ධයෙන් අවස්ථා 09 කදී තමන් ජාතික බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කළ බවත් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

කාත්තන්කුඩි අල්ලියාර් ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට අදාළව වරෙන්තුකරුවකු වූ සහ්රාන් හෂීම් එම ප්‍රදේශයෙන් පැන ගොස් මාවනැල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සැගවී සිට පසු අවස්ථාවක මන්නාරම් ප්‍රදේශයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
යුද හමුදාපතිටත් 2019දී සහරාන් ගැන දැන්වූවා...

එසේම, 2018 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට සහ්රාන් හෂීම් නමැත්තා යළි මෙරටට පැමිණි බව තම බුද්ධි තොරතුරු ඡාලයට හසුවූ බව ද සාක්ෂිකරු පැවසීය.

වරෙන්තු ලැබ සිටි සහ ජාතික ආරක්ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයකු උපකාර කිරීම සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායක මහතා දැනුවත් කර 2019 මාර්තු මස 22 වැනිදා ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා ද දැනුවත් කළ බවද ඔහු කීවේය.

එම ලිපිය යැවූ පසු මාර්තු මස 26, අප්‍රේල් මස 02 සහ අප්‍රේල් මස 09 වැනිදා යන තෙදින තුළ බුද්ධි රැස්වීම් තුනක් පැවතියද, ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක් නොපැවති බවත්, රිෆ්ඛාන් බදියුදීන් සම්බන්ධයෙන් වූ මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්ඡාවට බදුන් නොකළ බවත් සාක්ෂිකරු සදහන් කළේය.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා ද ඊයේ (23) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණා වූද වැල්ලම්පිටිය තඹ කම්හලේ අයිතිකරු වූද ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර ජාතික තවුහිද් ජමාද් සංවිධානයට රුපියල් කෝටි හතර හාමාරක මුදලක් යොදවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

මෙම කෝටි හතර හමාරක මුදල කිසිදු කාරණයක් සඳහන් නොකර ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඔහුගේ ගිණුමෙන් ලබාගෙන ඇති බව ඔහුගේ ගණකාධිකාරීවරයා ප්‍රකාශ ලබා දී ඇතැයි ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නේය.
මෙම ස්වයං ඝාතකයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට මුදල් ලබාදීම සඳහා තම ගිණුමෙන් අවසන් වරට මුදල් ලබාගෙන ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 10 වැනිදා බවද සාක්ෂිකරු පැවසීය.



අදහස් (7)

රිෂාඩ්ගේ මල්ලී සහරාන්ව 2017 දී ඉන්දියාවට යවලා

Wca Wednesday, 24 June 2020 10:54 AM

ඕක නෙවෙයි ප්‍රශ්නය. අර හිටපු තුමා BBC මාධ්‍ය වෙදියට දීපු උත්තර දැක්කම මට හිතෙන්නේ අපි ජීවත්වෙන එක පුදුමයි.

:       0       4

SAMARASIRI FERNANDO Wednesday, 24 June 2020 11:20 AM

ඡන්දයක් එනකොට තමයි පාස්කු ප්‍රහාරය මතක් වෙන්නේ...

:       35       3

Naushi Wednesday, 24 June 2020 12:19 PM

පෙරහැර ගියාට පස්සේ බයිලා වාදනය කරනවා.

:       37       2

kavinda Wednesday, 24 June 2020 03:08 PM

තාමත් එජාපය මේ පරීක්ෂණ වලට විරුද්ධ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.

:       54       13

SAMANThursday, 25 June 2020 03:28 AM

එක්සත් ජාතික පක්ෂය නෙවෙයි සහරාන්ට පඩිදීලා තියාගෙන හිටියේ. ඒ පක්ෂයේ නෙවෙයි ඒ වෙලාවේ ආරක්ෂාව පිළිබඳව ඇමැතිකම් දැරුවේ.. දැන් ඇමැතිකම් සහ සේනාධිනායකයා කොහේද ඉන්නේ කියලත් හැමෝම දන්නවා. අබිලි ද්‍රව්‍ය ඔය සහරාන්ට ලබාදුන්නේ කවුද? මොන පක්ෂයේ අයද? දැන් ඒ ගොල්ලෝ ඡන්දෙ දීලා ගහගෙන එකට ඉන්නේ කොහේද දන්නේ නැහැ.. පාස්කු ප්‍රහාරයෙන් ගොඩයන්න දීලා ගහපු කට්ටිය කෝ? බොහෝ රටවලින් ලැබුණු ඔත්තු නොසලකා කතෝලික මිනිසුන් බිල්ලට දුන්නේ කවුද? දැන්හැමෝම සුදනෝ වෙන්න එනවා.

:       0       1

eresh S kumara Thursday, 25 June 2020 03:17 AM

පව් දඹදිව වඳින්න වෙන්න යන්න ඇති...

:       0       0

Bamunuarachchi Thursday, 25 June 2020 06:46 AM

සිනහ වෙන්න මම තේරුම් ගත්තේ එයා කියන්නේ නුඹලාට මට විරුද්ධව කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ කියලා වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2208 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site