IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි

(තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ)

හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන්  ඇතුළු 7දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සම්බන්ධයෙන්  වන විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන 14 වැනිදා තෙක් කල් ලබාදීමට අභියාචනාධිකරණය  අද(25) තීන්දු කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැඳුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52 කට අධික මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව ඔවුන් රීට් පෙත්සම ගොනුකර තිබිණි.

අභියාචනාධිකරණ සභාපති ඒ. එච්. එම්. ඩී. නවාස්  සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට තමාට කල් ලබා දෙන්නැයි විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සදහා ලබන 14 වැනිදා තෙක් කල් ලබා දීමට නීතිපතිවරයාට අවසර ලබා දෙන ලදී.

තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, චිත්ත රංජන් හුළුගල්ල, මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අය රීට් පෙත්සම් ගොනු කළහ.

පෙත්සම්කරුවන් හත්දෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් ජූලි 07 වැනිදා අතුරු නියෝගයක් ද නිකුත් කෙරිණි.

නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම්හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක,  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන්  සිය පෙත්සම් මඟින් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉකුත් මාර්තු 6 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.

මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමති නීතිමය මූලධර්මයට පටහැනිව බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.

එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස්ද බලරහිත කරන ලෙසද පෙත්සම්කරුවෝ  අභියාචනාධිකරණයෙන් ඉල්ලා  සිටිති.එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම්වලින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , රියන්සි අර්සකුලරත්න, නවීන් මාරපන  යන මහත්වරු පෙනී සිටියහ.නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.



අදහස් (0)

රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27187 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18175 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10877 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 631 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 844 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site