IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි

(හේමන්ත ද සිල්වා)

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අම්බලන්ගොඩදී පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අම්බලන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමිනි.

මෙම  15 වැනිදා රිලවුන් හා වඳුරන් වැනි වගා හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයක් රට පුරාම පැවැත්වෙනවා. වගා අස්වනුවලින් සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානි වෙනවා. මේක අද හාස්‍යයට ලක් කරන අයගෙන් විසඳුමක් ඇහුවාම ඒවාට පිළිතුරු නැහැ.

බල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා.මේ වගා හානි කරන රිලව් වඳුරන් වැනි සතුන් දූපතකට හරි ගෙන ගොස් දමා මිනිස්සු අර අවුරුද්දකට සැරයක් දානයක් දෙනවා වගේ දවසක් දවසක් ගාන ගොස් ඒ සත්තුන්ට කෑම ටික දෙන වැඩපිළිවෙලකට අප යා යුතුයි.

මොනවා හරි විසැඳුමක් වැඩපිළිවෙළක් මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍යයි. මේ වන සතුන්ගේ ප්‍රශ්නයට මීට වඩා හොඳ උත්තරයක් දෙන්න සූදානම් එය පිළිගන්න අපි කැමතියි.මේකට විසඳුමක් තියෙනවා නම් ඒක අහන්න අපි කැමතියි.

 



අදහස් (19)

රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි

sakra Wednesday, 12 March 2025 06:07 AM

නියම උතරයක්නේ උන්නැහේ හොයාගෙන තියෙන්නේ .බලාගෙන උන්නැහේ පරිස්සමට වාඩිවෙන්න . මොකද මොලේ තැලෙන්න පුළුවනි .

:       6       14

Chandra Nagasena Wednesday, 12 March 2025 06:21 AM

රිලවුන් වැනි සතුන් දූපතකට ගෙනගොස් දානය දෙනවා වගේ කරනවානම් උන්ට එම ආහාර දීමට පිරිසකුත් අවශ්‍ය වෙනවා .ඒ අඩුපාඩුව ගෙවතුවලට පැන හොරෙන් පොල් කඩන කෙසෙල්කැන් කපන භවභෝග හොරකම් කරන පිරිස ලවා කරවනවා නම් අවශ්‍යම කටයුතු දෙකක් වෙනවා. එම හොරු ප්‍රමාණවත් නොවේනම් හොර බඩු ගබඩාකර ගැනීම සදහා පහසුකම් සපයන අයගෙනුත් ඒවා මිලට ගන්නා අයටත් පැවරීම කරනවා කියලත් කියන්න රටට ලොකුම සේවයක් වේවි

:       0       5

Roshan Wednesday, 12 March 2025 06:41 AM

වදුරා, රිළවා, බල්ලා, පූසා පරිසරයට හානිදායකද ? බල්ලාගේ සේවය ගැන දන්නවාද? එවැනි සතුන්ගේ සේවය ගැන දැන ගැනීමට කැමතිද? Roshan

:       6       5

ගුණරත්න Wednesday, 12 March 2025 07:42 AM

ඔය කිසි දෙයක් හරි යන්නේ නැහැ, කරන්න තියෙන එකම දෙය තෝරාගත් ප්‍රදේශවල සතුන් ඝාතනය කිරීම පමණයි, ඉතා ධනවත් රටවල් වලත් ඔය දේම කරනවා,

:       8       12

සංජීව Wednesday, 12 March 2025 08:02 AM

පරිසරයේ සමතුලිතතාව නැති වන ලෙස සතුන් ගාල් කරල විසඳුම් හොයන්න බෑ. එහෙම කළොත් පැටවුන් හා දුර්වල සතුන් සියල්ල මැරිලා යන අමානුෂික තත්වයක් ඇති වේවි. කල යුත්තේ සතුන්වන්ධ්‍යකරණය වැනි විසඳුමකට යාමයි ගැහැනු සතුන්ට උපත් පාලන ලූපයක් දැමීම නියමු ව්‍යාපෘතියක් ලෙස විශ්ව විද්‍යාලයක් මගින් සිදුකලා. එය සාර්ථක වූ බවත් ජනමාධ්‍ය වල පලවුනා. එවැනි යම් වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනයාම දැනට ඇති හොඳම විසඳුමක්.

:       1       9

සිරිපාල - අම්බලන්ගොඩ Wednesday, 12 March 2025 08:04 AM

කට වහගෙන ඉන්නකම් මෝඩයත් පණ්ඩිතයෙක් කියල කියමනක් තියෙනව. නලින් මහත්තය පාර්ලිමේන්තුවේදීත් කියන්නෙ ඔන්න ඔය වගේ කථා. ඉතිං ගමට ඇවිල්ලත් කියන්නෙ ඔය වගේ මෝඩ කථා. අනේ මන්ද අපිත් මේ මිනිහට ඡන්දෙ දුන්න. ඇත්තටම අපිට බරිදි අපි මේ මනුස්සයට දීපු ඡන්දෙ නැවත ගන්න. නලින් මහත්තය,ඔයා හොද උපදේශ කවරයො කිහිප දෙනෙක් පත්කර ගන්න. මොකද දැන් ඔයා නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඇත්තටම මේ හිතවත් කමටයි කියන්නෙ. පව් ඔයා වැඩි කල් යන්න කලින් දේශපාලන කුණු බක්කියට යන කෙනෙක් හැරියටයි මට නම් පේනනෙ.ඔයා වාචාල කමට දෙඩෙව්වට මෙලොව දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඒ බව ඔවාගේ කථා වලින් හොදටම පේනවා.

:       4       14

aponsu Wednesday, 12 March 2025 08:36 AM

දූපතකට ගිහින් දාල දානෙ දෙන්න ඕනි 159 ට.

:       3       10

යෝගා Wednesday, 12 March 2025 09:38 AM

මෙච්චර කල් යට ඇඳුමෙ ඉඳන් වඳුරන්ට පිනට දීපු ජයශාන්ත අයියට කියමු මින් ඉදිරියට රිලවුන්ට වියදම් කරන්න කියලා. වඳුරන්ගේ පක්‍ෂ අරමුදලත් දැන් සරු ඇතිනේ. උන්ට දැන් නත්තල්

:       1       10

ලාල් සේන අලුත්වල Wednesday, 12 March 2025 12:13 PM

දූපත් වලට ගිහිං දාන්න ඕන උඹළ වගේ අය මිසක අසරණ සත්තු නොව්.පව් උඹළ වගේ අයගෙ කථා වලට මුලාවෙලා තමයි ගොඩක් අය ඡන්දෙ දුන්නෙ.බලාගෙන ඉදපල්ල නගර සභා ඡන්ද වලට වෙන දේ.

:       5       8

Bunny Preena Wednesday, 12 March 2025 12:33 PM

ඉතින් චීනයටත් යවන්නකෝ.ඒගොල්ලොත් ඉල්ලීම් කරලා තියෙන්නේ රිලව් ටිකක් ඒගොල්ලන්ටත් දෙන්න කියලා... ඉතින් බලාගෙන ඉන්නේ මොන කෙන්ගෙඩියකටද?

:       1       6

Fernando Wednesday, 12 March 2025 12:54 PM

එහෙම වුණොත් අමරවීරට ලකුණු වැටෙනවා. එහෙම කරලා අපේ බලය ආපහු දෙන්නද කියන්නේ..?

:       0       4

de silva berlin Wednesday, 12 March 2025 02:10 PM

සතුන් මරා දැමීම හෝ වන්ධ්‍යාකරණයට ලක්කර සත්ව ගහණය පාලනය කිරීම හැර වෙන විසඳුම් නැහැ. ලෝකයේ දියුණු රටවලත් මේ දේ සිද්ද වෙනවා. කෑම් දීම මගින් සිදුවෙන්නේ තව තව සතුන් බෝ වීම පමණි.

:       1       6

de silva Wednesday, 12 March 2025 02:18 PM

හොර වුණත් අමරවීරට තිබෙන ප්‍රදේශයේ ජනතාවගේ සිතුම් පැතුම් සහ පරිසරය පිළිබඳ දැනුමෙන් සහ ඔහුගේ සංවිධානාත්මක හැකියාවෙන් 10%ක් වත් මොහුට නැහැ. රජයේ නිලධාරින් ඔවුන්ට ඕනේ ඕනේ ආකාරයට අලුත් දේශපාලකයින් ගොනාට අන්දවමින් ජනතාව රස්තියාදු කරමින්, පගා ගහමින් ඔවුන්ගේ ජාවාරම් කරගෙන යනවා. මිනිස්සු ඉන්නේ ඉතා කල කිරීමෙන් සහ කෝපයෙන්, පළාත්පාලන ඡන්දෙදී ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනේ කොහෙටද කියලා අමරවීර දන්නවා.. කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ පොහොට්ටුවේ හොරු ටික නැවත එනවා. පොහොට්ටුවෙන් මාලිමාවට ගිය ඡන්ද දායකයා නැවත හැරෙමින් පවතිනවා. සැඟවුණු අය අවතක්සේරු කරන්න එපා.. දැක්කා නේද 2019 වුණු දේ...!

:       2       6

de silva Wednesday, 12 March 2025 02:21 PM

බැරිද රිළවුන්ට වැටුපක් හෝ දීමනාවක් දීලා එම මුදල් පක්ෂ අරමුදලට බැර කරලා පක්ෂේ මගින් රිළවුන්ට අවශ්‍ය පහසුකම් සලසලා ඔවුන්ව බලාගන්න...

:       0       7

sanath Wednesday, 12 March 2025 02:22 PM

අර ලක්ෂ 12 විට්ස් එක දෙනවා කිව්වේ මෙයාද?

:       0       5

sugath Wednesday, 12 March 2025 02:43 PM

රටේ වගා හානිය 30% - 40% නම්, එය රිලවුන් 10 දෙනෙකුගෙන් වෙන හානියක් විය නොහැකියි. එබැවින් සංගණන සඳහා කාලය කා දමන්නේ නැතිව, ඔය රිලවුන්ට එක්කෝ වෙඩි තැබිය යුතුයි. එසේත් නැත්නම් දූපතකට ගෙනගොස් දැමිය යුතුයි....

:       2       3

ගොං සේතං Wednesday, 12 March 2025 03:07 PM

දවසක ඒ දූපතේ රිලව් ගාන වැඩි වුණාම මේ දූපතට අරගෙන එනවාද ආයුබෝවන්...?

:       1       6

R.T.sarath Wednesday, 12 March 2025 06:45 PM

මගේ අදහසේ හැටියට ලංකාවේ රිලව් ගහණය මිලියන කිහිපයක්, ලංකාවට ඔය කියන තරම් දූපත් තිබෙනවාද රිලව් දමන්න. රිලව් ටික නිකන්ම දූපත්වල ගාල් කරන්න බැහැ. ඔවුන්ගේ ප්‍රමාණයට හරියන්න අහාර පලගන්නා ශාක තිබිය යුතුයි. රිලව් මරන්න බැරි නම් චිනට දෙන්න තිබුණා.. කියව කියවා ඉඳලා හරි යන්නේ නැහැ. කිසියම් පියවරක් ගන්න ඕනේ...

:       0       2

ගුණරත්න Wednesday, 12 March 2025 07:10 PM

රිලවු ගාල් කරන්න සුදුසු දූපත් ලංකාවේ ඇත්තේත් නැහැ... තරමක් ලොකු දූපත්වලත් මිනිසුන් වාසය කරනවා. වැලිපර වලට මේ සතුන් අත්හරින එක ලොකාපවාද අහන්න වෙන වැඩක්, කවුද මේ ලොක්කන්ට මේ අදහස් දෙන්නේ? කවුරු වුණත් ඒකාට මගේ ස්තුතිය... මොකද මොවුන් පිරිහිලා කිචවෙලා ඉක්මණටම දූරිභූත වෙලා යන තරමට හොඳයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site