(චාපා මධුභාෂිණි)
දිවයිනේ විවිධ ප්‍රදේශවල දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන අට දෙනකු සමග එම පට්ටම් 553ක් හා ඇණ 323ක් සහ ඒවා ගැලීවීමට යොදා ගන්නා යකඩ ඉනි දෙකක් සහ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථ තුනක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
හබරණ සිට මඩකළපුව දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ විවිධ ස්ථානයන් හි යකඩ පට්ටම් සහ ඇණ සොරාගත් බව දුම්රිය පොළ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදී එරාවුර් පදිංචි සැකකරුවන් අට දෙනකු මෙසේ අත්අඩගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන්ගෙන් ද කළ ප්‍රශ්න කිරීමේදී මොවුන් එම යකඩ පට්ටම් විවධ ප්‍රදේශවලින් රැගෙන එරාවුර් පිහිටි යකඩ එකතු කිරීමේ ස්ථානයකට රැගෙන ගොස් නැවත ඒවා කොළඹට ප්‍රවාහනය කරන බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා සහ ලොරි රථ තුන පොලොන්නරුව මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මොවුන් පසුගිය වසරේ සිට මෙම වංචාව සිදු කරන බවත් මේ වසරේ ගෙවුණු මාස තුන තුළදී විවිධ ප්‍රදේශවලින් යකඩ පට්ටම් 7000ක් පමණ එරාවුර් සිට කොළඹට ප්‍රවාහනය කළ බව අනාවරණය වී ඇත.
පොලොන්නරුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔසාන් හේවා විතාරණ, විශේෂ මෙහෙයුම සහාකාර පොලිස් අධිකාරි පොලොන්නරුව 1 නිශාන්ත රත්නපාල මහතාගේ අධික්ෂණය යටතේ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජාගොඩ, උප පොලිස් පරික්ෂක බණ්ඩාර, පොලිස් සැරයන් 36563 ගැමුණ, 26068 අත්තනායක, පොලිස් කොස්තාපල්වරුන් වන 67973 අතාවුද, 27605 කුමාර, 34968 නිශ්ශංක 66448 හමීඩ් පොලිස් සැරයන් රියදුරු 63869 ප්‍රසාද් රථවාහන අංශයේ පොලිස් සැරයන් 20796 ජනක, පොලිස් කොස්තාපල් 50881 චන්ද්‍රසේන යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රේල් පාරේ යකඩ ගැලවූ අටක් අල්ලයි
Kule Monday, 21 March 2022 09:42 PM
ගැලවූ යකඩයි, ඒවා ප්‍රවාහනයට ගත් ලොරියත් සමග සැකකරු ඔරුවල වානේ සංස්ථාවට යවන්න බැරිද?
Perera Monday, 21 March 2022 11:49 PM
සුදර්මන් ඕකට ගෑවිලාද?