IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’රිලවුන් ගෙන් වන වගා හානි ගැන අපෙන් අහන්න එපා’’

(අංජුල මහික වීරරත්න)

"වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම පිළිබඳව මින් පසු අපෙන් අහන්න එපා" යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වන සතුන්ගෙන් වන වගා හානි නිසා රටේ ගොවීන් විදින දුක කොළඹ සීත කාමර වලට වී ඩොලර් වලින් යැපෙන සත්ත්ව සුබසාධන සංගම්වල මහත්වරුන්ට සහ නෝනලාට තේරෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රිලවුන් චීනයට නැංවීමේ වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර මහතා මේ බව කීය.

මෙරට රිලවුන් චීනයේ සත්වොද්‍යාන වලට ලබාදීමේ වැඩපිළිවෙලට ඇතැම් පරිසර සංවිධාන ගෙන ඇති නීති ක්‍රියාමාර්ග නිසා එම වැඩපිළිවෙළ නැවතී ඇති නමුත් චීනයේ පෞද්ගලික සමාගමක් තවමත් එම සතුන් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වගාවන්ට සිදුවන සත්ව හානි වලක්වා ගැනීම සඳහා පරිසර සංවිධාන ඇතුළු විවිධ පාර්ශව වලින් කෘෂිකර්ම අමාත්‍යංශය යෝජනා ලබා ගැනීමේදී ඇතැම් සත්ව සුබසාධන සංගම් විකාර විසඳුම් ඉදිරිපත් කළ බව කී අමාත්‍යවරයා සාරි එල්ලීම ,ගොවි පොළ වටේ ටකරං බැඳීම,වගා බිමෙන් අක්කර භාගයක් වන සතුන්ට කෑමට ඉතිරි කිරීම ආදී විසඳුම් ද ඔවුන් ලබාදුන් බව කීය.

චීනයේ සත්වෝද්‍යාන වලට රිලවුන් යැව්වා නම් ඔවුන් මිනිසුන්ගේ ආදරය කරුණාව මැද ජීවත්වන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් තුවක්කු ඉල්ලන බවද එවිට අවසානයේ වන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.

 



අදහස් (12)

’’රිලවුන් ගෙන් වන වගා හානි ගැන අපෙන් අහන්න එපා’’

අරවින්ද Thursday, 29 June 2023 04:17 PM

මී හරක් පාර්ලිමේන්තුවට යවලා රිලව් චීනයට යවන ලෝකයේ එකම රට චී ලංකාව.

:       1       0

Chathuri Thursday, 29 June 2023 04:24 PM

පුදුම කතාවක්නේ මෙයා කියන්නේ.... වනසතුන්ගෙන් වෙන හානිය ඒ සම්බන්ධ මෙයාට නැතිව වෙන කාට කියන්නද? තමන් දන්න ඔය සීතල කාමරේ ඉන්න... නෝනා මහත්තුරුන්ට නිකම් පඩි ගෙවන්නේ නැතිව ගෙදර යැව්වා නම් ඉවරයිනේ. ඔහෙලාට කොහොමත් අමාරුවක් නැහැ. ඔය නාකි නඩේ අතපය හෙලෙව්වේ නැති වුණාට. කටයි, බඩයි පුරවන්නේ මේ අහිංසක මිනිසුන්... තුවාලේ තියෙන මිනිහා වේදනාව දන්නේ... ගෙදර හාමිනේගේ ඕකිඩ් පැලේ වඳුරෝ කාලා ගියා නම් බලාගන්න තිබුණා. නාකි නඩේ. වෙඩි පත්තුකරන්... හාමිනෙයි බේබිලයි බයයි ගෙදර ඉන්න. අපිට ආරක්ෂාව ඕනෑ කියලා. හොඳ නැටුම් නටයි. මොවුන්ව එක රැයින් ගෙදර යවන්න ඕනෑ...

:       0       0

ඩොලරින් Thursday, 29 June 2023 04:30 PM

රිලා සංවිධාන වලට කියන්න ගොවීන්ට රිලවුන් වෙනුවෙන් වවන්න බැහැ. සංවිධාන ලොක්කන්ට ඇවිල්ලා ගොවිබිම් අසල රිලවුන්ට වගාවන් කරන්න කියලා එහෙම නැත්නම් ගොවීන්ට ටකරන් හා ප්‍රමාණවත් තරම් සාරි අරන්දෙන්නේ කියලා ගොවීන්ට හරියට ඇඳුමක් නැතුව සිටිද්දී ගොවිපළ වටේ සාරි ඇදපංකෝ. සංගම්වල අයට ඩොලර් ලැබුණාට ගොවීන්ට හරියට කන්න බොන්න නැතිව රිලවුන්ට වවලා දීපල්ලා කියන සංගම්වල ලිපි ගොවීන්ට බලන්න දාන්නකෝ...

:       0       0

Samitha Senaka Aluthgamage. Thursday, 29 June 2023 05:03 PM

ප්‍රශ්නය ගැන දැනීමෙන් අඩු අය සතුන් දෙස මෛත්‍රියෙන් බැලීම ගැන කියන්නේ විකාර විසඳුම් කියලා. ගොවීන්ට රිලවුන්ගෙන් ගැටළු තියෙනවා තමයි. ඒත්, රිළවුන් චීනෙට දීම එයට නිවැරැදි විසඳුම නෙමෙයි. නිකං රට නොදන්නා සුරංගනා කතා එපා. චීනුන් රිලව් වඳුරන්ගේ මොළය සතා පණපිටින් ඉඳිද්දීම කනවා. සත්තු වත්තේ ආදරයෙන් බලාගන්නවලූ. චීනුන්ගේ සත්ව කරුණාව ගැන යූටියුබ් එකේ හොඳ හැටි සාක්ෂි තියෙනවා. ගොවි ජනතාව අප ගැන අමනාප වෙන්න එපා. ඔබගේ දුක අප දන්නවා. ඒත් එයට නිසි විසඳුම් දෙන්න ඇමැතිතුමා දන්නේ නැහැ. රටේ තේ වතු ආශ්‍රිතව සිටි දිවියන් පුඩු තබා සීමාවක් නැතිව මැරුවා. සුළු ජාතීන්ගේ ඡන්ද ටික නැතිවෙන නිසා ඒවා වැළැක්වීමට කටයුතු කළේ නැහැ. දිවියන් අඩුවීම නිසා රිලා ගහණය වැඩි වුණා. තවද,මේ සතුන් බෝවීම පාලනය කරන ක්‍රමවේද ගැන උගතුන් මෙහෙයවන්නේ නැහැ. එසේ කරනවා නම් මේ ප්‍රශ්නය විසඳීම අසීරු නැහැ. තමන්ගේ නොහැකියාව ගැන නොකියා ගොවි ජනතාව රවටන්න වෙනත් විකාර දේ කියනවා. කෘෂිකර්මය ගැන සොබාදහම ගැන පරිසර තුලනතාව ගැන නොදත් අය මේ වගේ තනතුරු සඳහා පත්කළ විට වෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි. ගොවි ජනතාව මේ ගැන හොඳින් දැනුවත් වී සිටීම වැදගත්...

:       0       1

sukitha Thursday, 29 June 2023 05:43 PM

තමුන් දන්නවද චීනෙ සත්වෝද්‍යාන කීයක් තියෙනවාද කියලා?

:       0       0

Dayan Thursday, 29 June 2023 07:47 PM

ඔව්, ඔහු නායකයෙක් නොවේ...

:       0       0

Bamunuarachchi Thursday, 29 June 2023 07:53 PM

ඇමැතිගේ වුවමනාවට හිටපු පළාත් සභා මන්ත්‍රීලා නැවත පත් කරන්න පුළුවන් නම් ඔබේ වුවමනාවට රිලව් ටික රටපටවන්න බැරි ඇයි? ඩොලර්වලින් යැපෙන අම්මණ්ඩිලාට ඔබ යටත්ද? අඬන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඇමතිතුමෝ...

:       0       1

Asanka Thursday, 29 June 2023 11:31 PM

රිළව් නෙවෙයි, මැති ඇමැතිලයි පටවන්න ඕනෑ සූ එකට... වන සතුන්ට වඩා මිනිසාට බරපතල තර්ජනය මොවුන්... ඔය විදිහට හිතුවොත් ඒකෙ සතෙක්වත් මේ රටේ ඉතිරිවෙන එකක් නෑ. මුලින් රිළව්... ඊළඟට මොනරු... ඊළඟට මොක්කුද? 

:       0       0

chandima Friday, 30 June 2023 12:26 AM

හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියනවනේ... කවුද රිළව් ගැන රිළවුන්ගෙන් අහන්නේ?

:       0       0

ප්‍රේමකුමාර Friday, 30 June 2023 06:45 AM

බැරිනේ? අයින් වෙන්න වහාම. මීට හොඳයි රිලවෙක් ඔය පුටුවේ හිටියා නම්....

:       0       0

බී අමරසිංහ Friday, 30 June 2023 06:55 AM

අධිකරණයට ගිහින් යවන්නෙ නෑ කියලා පොරොන්දු වුනේ පරිසර සංවිධානද?

:       0       0

Bunny Preena Friday, 30 June 2023 09:48 AM

රිලවුන් වෙනුවට විකල්පයක් ලෙස සත්ව සුභසාදකෙ ඉන්නා පිරිස චීනයට යවන්ට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site