(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි යුදහමුදා කඳවුරක් ආසන්නයේදී අද (27) වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
කොඩිකාමම් සිට මිරුසුවිල් ප්‍රදේශයට අලුයම 3ට පමණ වෑන් රථය ධාවනය වූ අවස්ථාවේදී අධික වේගයකින් ගොස් එහි වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යුදහමුදා කඳවුරක් ඉදිරිපිට තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපලකර සිටියි.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර අනතුරින් රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි කුමාරසිංහම් ගජීපන් නැමති 27 හැවිරිදි අයෙකි.
අපරික්ෂාකාරී රය ධාවනය මෙම අනතුරට හේතුව බවටත් මිය ගිය අයගේ මෘත ශරීරය කොඩිකාමම් රෝහලට රැගෙන ගොස් ඇති අතරම අනතුරින් වෑන් රථයටද බරපතල හානි සිදුව ඇතැයි පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
422
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2191
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය ගසක වැදී රියදුරු මරුට