IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රිය අනතුරින් දෙකක් මරුට

( රොමේෂ් මධුෂංක)

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.

මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වීරසිංහම් ජනිධරන් සහ ඔිමන්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ෂන්මුගරාජා යෝගරාසා යන අයයි.

ඔිමන්ත පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේ සිට වව්නියාව දෙසට ගමන්කරමින් තිබූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ද දෙස සිට පැමිණි පාපැදියක ගැටීමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.

එහිදී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා සහ පාපැදියේ ගමන්ගත් පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන් විසින් වව්නියාව මහරෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔවුන් දෙදෙනාම වව්නියාව මහරෝහලේදී මිය ගොස් ඇත.



අදහස් (0)

රිය අනතුරින් දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site