(ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව වේයන්ගොඩ මාර්ගයේදී අද (02) උදෑසන ලොරියක් නිට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානයේ ආසන්නයේ දී පදික මාරුවේදී තිදරු පියෙකුගේ (75) හැපීමෙන් බරපතල තුවාල ලැබූ තිදරු පියා මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශය පවසයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ නිට්ටඹුව නගරාසන්නයේ පදිංචිව සිටි කේ.ඇම් ආරියසේන නැමැත්තෙකි.
මිය ගොස් ඇති පුද්ගලයා නිට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානය ආසන්නයේ ඇති පදික මාරුවෙන් මාර්ගය මාරු වෙමින් සිටියදී ලොරියේ හැපී මීටර් දහ තුනකට වැඩි දුරක් විසිවී ගොස් බරපතල තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමත් සමග ප්‍රකාශයක් නොකරම මිය ගොස් ඇති බවද පොලීසිය කීය.
රියදුරා අධික වේගයකින් ලොරිය පදවා ගෙන පැමිණ එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රිය අනතුරින් තිදරු පියා මරුට