(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
මඩොල්සිම පස්සර මාර්ගයේ අමුනුදෝව ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රි මළගෙදරකට ගොස් එමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට පෙරලීයාමෙන් එකම පවුලේ මව පුතා මුනුබුරකු ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි .
මෙම අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ හයදෙනෙකු ගමන් කර ඇති අතර , අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත්.අවුරුදු 40, 48 වයසේ පසුවෙන පුද්ගලයන් දෙදෙනකු තුවාල නොලබා බේරි ඇතැයි පොලිසිය කීය .
බදුල්ල වේවැස්සවත්තේ පදිංචි එකම පවුලක 80 හැවිරිදි කාන්තාවක ,ඇයගේ 43 හැවිරිදි පුතෙකු , අවුරුදු 5,1/2ක් වයස සිගිති දරුවෙකු ,සහ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථය පදවාගෙන ගිය 37 හැවිරිදි පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .
එකම පවුලක පිරිසක් වන මොවුන් මඩොල්සිම වැරල්ලපතනවත්තේ නෑදෑයකුගේ මළගෙදරකට ගොස් ආපසු බදුල්ල වේවස්සවත්ත සිය නිවෙසකරා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට මුහුණ පා ඇති බවත් පොලිසිය සදහන් කළේය .
අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි ලෙස අලාභහානි වී ඇත.
තුවාලකරුවන් ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය .
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් එකම පවුලේ 4ක් රෝහලට