IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රිය අනතුරින් අයෙක් මරුට: අයෙක් රෝහලට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ත්‍රී රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා අද (05)දින රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මිහින්තලේ පාර ,රඹෑවේ පදිංචි ඉලංගසිරි විදානේලාගේ නිමල් සුභසිංහ(75) නැමති යතුරුපැදිකරු බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

තුවාල ලබා ඇත්තේ ඉකිරිගොල්ලෑව,වහමල්ගොල්ලෑව පදිංචි 54 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි. මියගිය අය යතුරු පැදියෙන්  රඹෑව නගරයේ සිට මැදවච්චිය දෙසට යමින් සිටියදි ඒ දෙසින්ම පිටුපසින් වේගයෙන් පැමිණි පුද්ගලික බස් රථය යතුරු පැදිකරුද යට කරගෙන දකුණු පස මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පිවිසි ත්‍රී රෝදයේද ගැටි ඇති බව පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ මඩාටුගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි බස්රථ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (3)

රිය අනතුරින් අයෙක් මරුට: අයෙක් රෝහලට

Hasantha Rathnayake Monday, 05 May 2025 02:42 PM

ලංකාවේ බස් එළවන්නේ මන්ද මානසිකත්වයක් ඇති අය....ඒවායේ යන අයටයි. දෙගොල්ලන්ටම ජීවිතේ බලාපොරොත්තු අතහැර ගන්න වෙලා තියෙන්නේ.. වෙන රටක නම් මේ වගේ මිනිස්සු මැරෙද්දී, මේ ආයතන බලාගෙන ඉඳීද? කරුමක්කාර පාලකයින් ඉන්න රටක් මේක... අපි පවු ගෙවනවා.

:       1       11

ගුණරත්න Monday, 05 May 2025 03:01 PM

බස් රියදුරන් තේරුම් ගන්න ඕනෑ පුංචි වාහනවල යන උදවියගේත් ආරක්ෂාව ඔවුන්ගේ වගකීමක් කියලා...

:       0       9

suran Monday, 05 May 2025 03:45 PM

මහජනතාව නිතිය අතට ගැනීම සාමකාමී සමාජයක පැවැත්මට හොඳ නැහැ නමුත් මෙන්න මේවගේ තිරිසන් රියදුරන්ට නැවත එම රැකියාව කරගන්න බැරි තරමට සුදුසු දඬුවම් දෙන්න මහජනතාව පටන්ගන්න ඕන. එසේ නොකරන තාක් කල් මේ වගේ තිරිසන්නුන්ව සමාජයෙන් ඉවත් කරන්න බැහැ .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site