
(යොහාන් භාසුර)
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම ලබන සඳුදා (14 වැනිදා) ආරම්භ කරන බවත් එම අයදුම්කරුවන්ට කාඩ්පත තැපෑලෙන් යොමු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා අද (10) ‘ලංකාදීප’යට පැවසීය.
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන් ලක්‍ෂ 6 කට ආසන්න සංඛ්‍යාවකට එම ආකාරයට කාඩිපත නිකුත් කරන බව කී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සති කීපයකින් කාඩ්පත් නිකුත් කිරීම අවසන් කරන බව ද සඳහන් කළේය.
රියදුරු බලපත්‍ර කාඩ්පත් ලක්‍ෂ 5 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගාවී ඇති බවත් ඉතිරි කාඩ් ලක්‍ෂ 5 ත් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කරන කාඩ්පත් නොමැති වීම නිසා වසර දෙකකට අධික කාලය සිට රියදුරු බලපත්‍රය සඳහා තාවකාලික කඩදාසි බලපත්‍රයක් පතක් නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම සඳුදා ඇරඹේ
R.M.R.PRASATH Wednesday, 17 May 2023 09:45 AM
රියඳුරු බලපත්‍රය ලැබුනේ නෑ.
සමන්ත ප්‍රදීප් වීරකෝන් Wednesday, 17 May 2023 11:58 PM
වසර දෙකක් ගතවුණා ඒත් තවමත් මගේ රියදුරු බලපත්‍ර කාඩ්පත ලැබුනේ නෑ. තාවකාලික බලපත්‍රය බොද වෙලා තියෙන්නේ .රියදුරු බලපත්‍රය ඉක්මනින් ලබා ගැනීමට හැකි ද?
Chandana kumara Dissanayaka Thursday, 23 November 2023 12:29 AM
2022-10 මාසයේ අලුත් කිරීමට බාර දුන්නු නමුත් මෙතෙක් ලැබී නෑ. තාවකාලික කොලය කෑලි අටයි...!
චමින්ද ජයනාත් Wednesday, 10 January 2024 11:47 AM
කාඩ් නිකුත් කරන්න බැරි නම් අලුතෙන් ටැම්පරියක් දෙන්න . මොන මගුලක්ද මේ ටෙම්පරිය දියවෙලා
කුශාන් නිමන්ත Thursday, 01 February 2024 07:06 PM
ලයිසන් එක අරං අවුරුද්දක් උනා තාම කාඩ් එක නෑ . කොලේ පාවිච්චි කරන්න අමාරුයි.තව ටැම්පරි ය ඕනෙම තැනකින් අලුත් කරන්න පුලුවන්ද
E.G.Ruwan Dilantha Saturday, 31 August 2024 05:56 AM
වසර 3 ට ආසන්නයි... තවම කාඩ්පත ලැබුනේ නෑ.