IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රියදුරු බලපත්‍ර අවලංගු කරන අලුත්ම ක්‍රමය

(යොහාන් භාසුර)

වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බවත් ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය.

එහෙම අවලංගු කිරිමෙන් පසුව වසරක කාලයක් යනතුරු අදාල රියදුරාට බලපත්‍රයට අයදුම්කළ නොහැකි බවත් වසරකින් පසුව නැවත නව රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට අයදුම්පතක් යොමු කළ යුතු බවත් වීරසිංහ මහතා කීය.



අදහස් (6)

රියදුරු බලපත්‍ර අවලංගු කරන අලුත්ම ක්‍රමය

sharm warn Friday, 30 December 2022 11:27 AM

බස් රියදුරන් තොගයක් ඉවත් කරන්න වෙයි. එතකොට මන්ත්‍රී පුත්තුන්ටත් මේක වලංගුද?

:       3       28

Bus gemunu Friday, 30 December 2022 01:38 PM

මළකෙළියයි....! ප්‍රයිවෙට් බස් එකක්වත් නැතිවෙයි...

:       2       11

Perera Friday, 30 December 2022 01:42 PM

රථවාහන පොලිසියේ අයට වඩා හොඳට පගා ගහන්න අවස්ථාවක් ලබාදීලා...

:       1       15

ලලිත් පුෂ්පකුමාර Friday, 30 December 2022 02:47 PM

නීතිය හරියට ක්‍රියාත්මක නොවන පාලනයක් ඇති රටක මොනතරම් නීති ගෙනාවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ අනිසි ඉපැයීම් වලට ඉඩකඩ විවෘත වෙන අවස්ථාවන් වලට....

:       0       8

wicky Friday, 30 December 2022 03:14 PM

හරි ඕක කරනකොට කියන්න... ඉදිරියෙන් වාහනයක් එනවා පෙනි පෙනී, ලයිට් හෝන් ගහලා අයින් වෙයන් කියාගෙන එන බස්, ලොරි කන්ටේනර් රියැදුරන්ට මොකද වෙන්නේ කියලා බලමු. මාසයක් යද්දි අලුත් රියදුරන් ගන්න වෙනවා. ඊට පස්සෙ බයික් ටුක් බහුතරයක්.. නමුත් නීතියක් ක්‍රියාත්මක නොවන රටක, මේ ලකුණුත් පොඩි මිනිස්සුන්ට එකතු වේවි... ඇමැතිලා, ලොකු මිනිස්සු, එතකොට කාට හරි සම්බන්ධයක් තියෙන අය කිසිම අවුලක් නැතිව යාවි. පොලිසියටත් ගාණක් කඩාගන්න හොඳ ක්‍රමයක් වේවි. හරියට කෙරෙනවා නම් හොඳයි... වෙන්නෙ නැති වේවි ඒ විදියට...

:       1       4

Asanga Friday, 30 December 2022 11:24 PM

ඉතා හොඳයි. රටක් ජනතාව හික්මීමක් නැත්නම් දැඩි නීති දමා හෝ මාර්ග විනය ආරක්ෂා කළ යුතුය. වැදගත්ම දේ නම් රටේ සියලු ජනතාව එක හා සමානව රටේ නීතියට අවනත විය යුතුය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site