(රෝෂන් තුෂාර)
සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි නමයකට අධික ස්ථාවර තැන්පතු පවත්වාගෙන ගියේ යැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය .
අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ,අමලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති මෙසෙ ඇපමත මුදාහැරීමට නියෝග කළාය .
රුපියල් දහතුන් කෝටි හතළිස් ලක්ෂ අනූ හත්දාස් හත්සිය තිස් එකක ගිණුමක් පවත්වාගෙන යෑම,රුපියල් මිලියන 40ක සහ රුපියල් ලක්ෂ ලක්ෂ205ක ගිණුම් ගිණුම් පවත්වාගෙන යෑමේ සැකයට මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකරුවන්ට රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ඇපමත සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටියදී සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15දෙනෙකු බඳවා ගනිමින් රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව පැමිණිලි දෙකක්ද අද අධිකරණය හමුවේේ කැඳවීය.
එම පැමිණිලි දෙකෙහි සැකකාරියක ලෙස අමලි නයනිකා රඹුක්වැල්ල අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරිය රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන එක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝ ග කළාය. සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද ඒ බව ආගමන නිගමන පාලකවරයාට දැනුම් දීමටද නියෝග කෙරිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට බෑනාට ඇප
AD Thursday, 19 June 2025 05:10 PM
නිතිඥ කෙහෙළිය ඇමැතිවරයා දුෂණය ඔහුගේ සහ පවුලේ පුද්ගලික ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබේ...
විපරමා Thursday, 19 June 2025 05:52 PM
කෙහෙළිය බලයේ හිටපු කාලේ හොරාකාලා හම්බ කරගත්තූ විදියට ඇප ගෙවන එකත් මහ ලොකු දෙයක් නොවෙයි...