IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රුමේනියා තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි සටිටුටා අර්හිරි මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී අද (23) සාකච්ඡා කළාය.

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය තානාපතිනිය වෙත සිය කෘතඥතාව පළ කළ අතර තානාපතිනියගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම්ද පිරිනැමුවාය.

ඉදිරි වසරවලදී දෙරට අතර සමීප සබඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු නිළධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (1)

රුමේනියා තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

Basnayaka Tuesday, 24 December 2024 01:28 PM

බලාගෙන සර්බියාවට ස්තුති කරන්න එපා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site