(විමුක්ති එස් රුද්‍රිගු)
රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.
රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පැවැසුහ.
මෙම රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ගුමී නගර බලධාරීහු ප්‍රකාශ කළහ.
සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබී ඇති බවත් මෙම අනතුර සියදිවි නසා ගැනීමක් බව නගරවාසීන් හඳුන්වන බවත් කොරියානු මාධ්‍ය සඳහන් කළේය.
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රෝබෝවක් සිය දිවි නසා ගනී
Asela Wednesday, 03 July 2024 06:26 AM
පවුලේ ප්‍රශ්නයක් වෙන්න ඇති. එකත් එකටම ඉස්සරින්දා රෑ හොඳට බොන්න ඇති. ඕවට අත දාන්න හොඳ නැහැ
රංබෙිඩ Wednesday, 03 July 2024 09:24 AM
මිනිය කපලා කොටස් රස පරීක්ෂකට යැව්වාම සිය දිවි නසාගත් ක්‍රමය හොයාගන්න පුළුවන් වෙයි. මිනිස් සංකල්ප...
ලසන්ත Wednesday, 03 July 2024 09:28 AM
එහෙනම් සිවිල් සේවයේ සෙට් එක නිසා අනිත් අයට සියදිවි නසාගන්නයි වෙලා තියෙන්නේ!
hasitha hasith Wednesday, 03 July 2024 09:45 AM
බොරු කියන්නෙපා බන්...!
Dileepa Wednesday, 03 July 2024 01:29 PM
සමහරක්විට මෙයත් ෆෝන් එකෙන් වීඩියෝ ගේම්ගහන්න පුරුදුවෙලා ඉන්න ඇති...
de silva Wednesday, 03 July 2024 03:38 PM
අපේ රජයේ කන්තෝරුවල, ගබඩාවල කෝටි ගණන් වටිනා ආරක්ෂක කැමරා, පරිගණක පද්ධති, රොබෝලා වැනි දේවල් තවම පැකින් පිටින් තිබෙනවා .. මේවා සවිකරන්නේ නැහැ. ඒවා සවිකළොත් එම දෙපාර්තමේන්තු වල වැඩ කරන 98%ක් පමණ පගාගහන නිලධාරියන්ට සියදිවි නසාගන්න වෙන නිසා.., මේවා පිළිබඳ විස්තර තව අවුරුදු 3-4 කෝප් කමිටුවේදී අනාවරණය වේවි...!