
(අංජුල මහික වීරරත්න)
රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.
රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා මෙම පොහොර සහනාධාරය ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
මෙරට රබර් වගාවට වසර ගණනාවකින් පොහොර දමා නැති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ. ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇත.
ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රබර් වගාවටත් 4000ක පොහොර සහනාධාරයක්
Lalla Wednesday, 28 August 2024 11:23 AM
එතකොට පොල් පොහොර සහනාධාරය නැතිද? සියලුම භෝග වලට පොහොර සහනාධාරය දෙන්න. කිසිම කෙනෙකුට අවභාවිතා කරන්න බැරි දෙයක්...