IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රුපියල් 1000ක දෛනික වැටුප ලැබීමේ සතුට සමරති

(රංජිත් රාජපක්ෂ) 

රජය මගින් වතු කම්කරුවන්ට දෛනික මූලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක් වශයෙනුත් ලබාදීම නිමිත්තෙන් වතු කම්කරුවෝ අද(09) තේ වතුවල ප්‍රජාවන් සමඟ ජය සැමරූහ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, ලංකා කම්කරු කොන්ග්‍රසයට, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සහය දැක් වු සියලුදෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින්, හැටන් සහ බගවන්තලාව ප්‍රදේශ ගණනාවකම වතු කම්කරුවෝ තේ වතු මධ්‍යයේ පිහිටි කෝවිල්වල පූජා පවත්වා කිරිබත් පිළියෙල කර අනුභව කළහ.

වසර ගණනාවක සිට තමන් තේ වත්තේ අවම වැටුපකට වැඩ කළ බවත්, තමන්ගේ දෛනික මූලික වැටුප රු. 1000ක් දක්වා වැඩි කළ යුතු බවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතා විසින් වත්මන් රජයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව එම වැටුප් වැඩිවීම තමන්ට ලැබුණ බවත්, ඒ සඳහා සහය දැක් වු සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බවත් වතු කම්කරුවෝ කියා සිටියහ.

වතු කම්කරුවන් එක්ව පැවැත් වූ සැමරුම් උත්සවවලට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරෙ, නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ පිරිසක් සහභාගි වූහ.



අදහස් (6)

රුපියල් 1000ක දෛනික වැටුප ලැබීමේ සතුට සමරති

kapila Tuesday, 09 February 2021 11:26 AM

වසර සියයකට අධික කාලයක් රටේ ආර්ථිකය නිහඬ කරදුන් මේ කම්කරුවන්ට ජයවේවා...!

:       2       51

gaaminiTuesday, 09 February 2021 01:01 PM

ඔයාගේ ප්‍රතිචාරයට මගේ අවංක ස්තුතිය..!!! 

:       2       39

RaveendraWednesday, 10 February 2021 02:28 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය..

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 09 February 2021 11:32 AM

සේවකයා ප්‍රීතියට පත්වුණත් අධික ප්‍රීතියට පත්වන්නේ වත්තේ බාර් කාරයායි...

:       7       59

mohamed Wednesday, 10 February 2021 03:36 AM

මේ මිනිස්සු කවදාවත් රවටනවා රුපියල් 10000 පඩියට හාම්පුත්තු එකඟ වෙලා තියෙන්නේ දවස් 13ක් පමණයි.. අනිත් දවස් 17 වතුකම්කරුවන්ට පරණ පඩිය තමයි.

:       0       0

Patel Thursday, 11 February 2021 05:32 AM

කොහොමද දෙයියන්ගේ වැඩ..?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17954 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site