IMG-LOGO

රුපියල තවත් පහළට

(තුෂාර සිල්වා සහ යොහාන් භාසුර)

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 260ක අගයක් දක්වා අද (10) පහළ වැටිණි.

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (10) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 249.96 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 259.99ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇත.

එම වාර්තාවට ම අනුව ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.36 කි.

එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.078 විදේශ විනිමය සංචිත වන අතර එයින් රත්තරං සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 0.092 (ඇමෙරිකානු ඩොලර් මිලියන 92.0) වේ. 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 සීමාව ඉක්මවා නොයනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් ඉකුත් දා සඳහන් කළේ ය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියල, 230ක අගයක් දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දා (7) රාත්‍රියේ පියවර ගත්තේ ය.

කෙසේ නමුත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු රැසක් ම සිය විදේශ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කරමින් ඇමෙරිකානු ඩොලරයකට ගෙවන විකුණුම් අගය/අනුපාතය රුපියල් 260ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබිණි.

කොමර්ෂල්, සම්පත්, මහජන, සහ ලංකා යන සෑම බැංකුවක්ම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් ලෙස දක්වා තිබූ අතර එම බැංකුවල ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 250ක් ලෙස සඳහන් කර තිබිණි. 



අදහස් (0)

රුපියල තවත් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site